බුදු සමිඳු දැක ගනිමු
බුද්ධ වර්ෂයෙන් විසිහය වන සියවස ගෙවී යන යුගයේ පිරිසිදු "බුදු දහම” ව්‍යවහාරික සමාජය තුළින්
සොයා ගැනීම අතිශයින්ම දුෂ්කර කටයුත්තකි.
එකිනෙකා තම තමන්ගේ මතිමතාන්තර තුළින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පටහැනි බොහෝ දේවල් ධර්මයේ නාමයෙන් ඉදිරිපත් කර තිබීම. මෙයට ප්‍රධානතම හේතුව වේ.
භාවනා ක්‍රම පවා විවිධාකාර අධර්ම සම්ප්‍රදායයන් තුළින් පැතිර යන හෙයින් "පිරිසිදු බුදු දහම” තෝරා ගැනීම වඩාත් සංකීර්ණ ගැටළුවක්ව පැවතුණි.
එවන් යුගයක අබෞද්ධ පවුලක ජන්ම ලාභය ලද පූජ්‍ය කිරිබගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පෙන්වා දෙන ලද මෙම දෙසුම්, මුණින් නවා තිබූ යමක් උඩු අතට හැරෙව්වා සේය.
වැසී තිබූ දෙයක් විවර කරන්නා සේය. අඳුරේ සිටින ඇස් ඇතියනට රූප දැකීම පිණිස තෙල් පහන් දැල් වූවා සේය. මං මුලා වූවනට හරි මග පෙන්වන්නා සේය.
සැදැහැවත් බෞද්ධ ලෝකයාගේ නෙත් සිත් විවර කරවන සුළු මෙම දෙසුම් යළිත් සම්මා සම්බුදු සසුන බැබලී, මගඵල සමවත් නියංසාය දුරු කරවන අමා වැස්සක් වේවා!
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.