Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / cappuccino පෙම්වතිය

cappuccino පෙම්වතිය

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

සන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය කැලණිය විශ්වවිද්‍යාලයෙන් ද, සිනමා අධ්‍යයනය පිළිබඳ දර්ශනපති උපාධිය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් ද හිමිකර ගත් ෆාතිමා ශානාස් කොළඹ විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා නිර්මාණාත්මක කලා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකි. සිනමාව ස්වකීය සාත්ම ශික්‍ෂණ මාර්ගය ලෙස ගෙන එහි ලා අඛණ්ඩ ව ශාස්ත්‍රාන්වේෂණයෙහි නියුක්ත ඇය කෙටි චිත්‍රපට, වාර්තා චිත්‍රපට හා වෙනත් ශ්‍රව්‍ය දෘශ්‍ය නිෂ්පාදන අධ්‍යක්‍ෂණය කරමින් සිනමා කලාවට උරුම ස්නිග්ධ සූක්ෂ්මතා හා ප්‍රකාශන ප්‍රබලතා ස්වකීය නිර්මාණ මගින් ම සනාථ කළා ය. ෆාතිමා ශානාස් නූතන විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයෙහි කලාතුරකින් දිටිය හැකි, ශාස්ත්‍රාන්වේෂණය හා නිර්මාණකරණය පිළිබඳ දුර්ලභ සමායෝගය සලකුණු කළ ප්‍රතිභාපූර්ණ සිනමාවේදිනියකි.

මනුෂ්‍ය හෘදය පතුල කලඹන, භාව හා වේදිත ප්‍රකටනයෙහි ලා වඩාත් හෘදයංගම පරිචිතය වන කාව්‍යකරණය ෆාතිමා ශානාස්ගේ අභිනව නිර්මාණ අවකාශය යි. ඇය සිය ප්‍රථම කාව්‍ය නිර්මාණාවලිය 'කැපචිනෝ පෙම්වතිය’ නමින් ග්‍රන්ථගත කොට තිබේ. ෆාතිමා ශානාස් අත්‍යර්ථයෙන් ම නිදහස් කිවිඳියකි. ඇගේ පරම අධ්‍යාශය වූ එකී නිදහස අගණනීය වූ භාව හා වේදිත මහෝඝය මුදාහැරීමට ද, කාව්‍යකරණයෙහි සම්මුතික මර්යාදා සමතික්‍රමණය කිරීමට ද උපස්තම්භක වෙයි. ස්ත්‍රී පුරුෂ ප්‍රේමය ප්‍රතිබද්ධ අනුරාග කාමනා හා ලාලසා ද, රිදුම් විඳුම් හා සංවේදනා ද කිවිඳියගේ අපාර පරිකල්පනයෙහි මුවදොරින් සපැමිණ අප හෘදය ඇද වැලඳ ගනී. අනේකවිධ භාවමූලික ජීවන නිමේෂ චින්තාමය අග්නි කණිකා බවට පත් ව ආදරය හා ජීවිතය පිළිබඳ දෘෂ්ටිමය තිමිර පටලය සිදුරු කරයි. ෆාතිමා ශානාස් අතිශය නවීන අනුභූතික පරිස්ථිතියක සිට කාව්‍යමය වාග් චිත්‍රයට නගන්නේ ජීවිත ආශා තක්‍ෂණයෙන් විකසිත කරන, විඳුම් ලොබලිය කුසුමිත කරන නිර්මාණාවලියකි. සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහයෙන් ම අර්ථ අභිව්‍යක්තිය පිළිබඳ පෘථුල, සශ්‍රීක සුඛපන්ථයකට අප කිවිඳිය අවතීර්ණ වී ඇති බව මගේ ඒකාන්ත විශ්වාසය යි.

ISBN
9786242041902
පිටු ගණන (Pages)
75
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: cappuccino පෙම්වතිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.