සිලෝන් දිවයිනේ සංචාරයක්
දා හත්වන සහ දහ අටවන සියවසේදී බොහෝ යුරෝපීය ජාතිකයන් සංචාරකයන් ලෙස ලංකාවට පැමිණියහ. ඔවුන් ලංකාවේ සොබා සෞන්දර්යයට කැමැත්තක් දැක්වූ අතර, ඒ වන විට රට පුරා තිබූ වනාන්තර ඔවුන්ගේ ගවේෂණවලට ලක්වූයේ ය.
මේ කෘතියේ සඳහන් වන්නේ එවැනි සංචාරකයන් පිරිසක් යුරෝපයේ සිට ලංකාව බලා පැමිණීම යි. ඔවුන් යුරෝපයේ සිට දකුණු අප්‍රිකාවටත්, එතැන් සිට මාලදිවයින හරහා මුහුදු මාර්ගයෙන් ලංකාව බලා පැමිණෙති. ඔවුන්ගේ මුහුදු ගමන අතරතුර සිදුවන සිද්ධීන් ද, මාලදිවයින් දූපත් වලදී මුහුදු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවට පත්වී අවසානයේ ඔවුන්ගෙන් ගැලවී පලා යාම ද කතුවරයා විසින් සිත්ගන්නා ලෙස විස්තර කර ඇත. ලංකාවට පැමිණීමෙන් පසු ඔවුන්ගේ විවිධාකාර වූ ගවේෂණ පිළිබඳව ද කතුවරයා විසින් සිත්ගන්නා සුළු ආකාරයට විස්තර කර ඇත.
ලංකාවේ වනාන්තර ගවේෂණ වලදී ඔවුන්ට විවිධාකාරයේ අනපේක්ෂිත සිදුවීම්වලට මුහුණ දීමට සිදුවේ. අවසානයේ ඔවුන් බොහෝ කාලයක් ලංකාවේ වාසය කරන අතර, එවකට ලංකාණ්ඩුවේ ආණ්ඩුකාරවරයාගේ අනුග්‍රහය ද ඔවුන් සියල්ලන්ට ලැබේ. ලංකාවට පැමිණෙන විට සාමාන්‍ය සංචාරකයන් වූ ඔවුන් සියල්ලෝ, අවසානයේ පිටව යන විට මහා ධනවතුන් බවට ද පත්ව සිටියහ.
| Author | ඩිලාන් ඩී. ප්‍රසංග - Dilan D. Prasanga (4), Franz Hoffmann (1) |
|---|---|
| Publisher | කෙහෙලි ප්‍රකාශකයෝ - Keheli Publishers (73) |
| ISBN | 9786245865697 |
|---|---|
| පිටු ගණන | 176 |
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |




