Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / දෙවන ලෝක යුද්ධයේ නාසි අභිරහස්

දෙවන ලෝක යුද්ධයේ නාසි අභිරහස්

About this book

දශක ගණනාවක විමර්ශනයකින් පසුව පවා තෙවන ජර්මානු රාජ්‍යය එහි සියලු රහස්වලින් කොටසක් තවමත් සගවාගෙන සිටියි.

ඉතිහාසය විසින් ඉතිහාසයේ සිදුවූ සියල්ල වාර්තා කර ඇත. එහෙත් දෙවන ලෝක යුද්ධයේ ලේඛනගත ඉතිහාසයට යටින් කිසිදා සම්පූර්ණයෙන් ආලෝකමත් නොවූ අඳුරු සෙවනැලි ද ඇත. ඉතිහාසඥයන්, නිධන් සොරුන්, සහ කුමන්ත්‍රණ පිළිබඳ ව සොයා යන්නන් දිගින් දිගටම ප්‍රහේලිකා අතර සිර කර ඇත.

ඇඩොල්ෆ් හිට්ලර් සැබැවින්ම ඔහුගේ බංකරයේ දී සියදිවි නසා ගත්තා ද? නැතහොත් අතිශය ප්‍රවේශමෙන් සැලසුම් කරන ලද ගැලවීමේ මාර්ගයකින් පැන ගියා ද? නාසින් අත්පත් කරගෙන සිටි යුරෝපයේ කොල්ලකන ලද රත්‍රන්, කලා කෘති සහ ස්වර්ණාභරණ සහිත අතිවිශාල ධනයට කුමක් සිදු වූයේ ද? මෙම ධනය කාලයත් සමග අමතක ව ගිය උමං මාර්ගවල සැඟව තිබේ ද? එසේත් නැතහොත් නාසින් පමණක් දැන සිටි රහසිගත ස්ථානයක තවමත් සගවා තබා තිබේ ද?

මේව හුදු ජනප්‍රවාද නොවේ. ඒවා නාසි යුගයේ සිට පැවත එන තවමත් විසඳුමක් නොලැබූ ප්‍රහේලිකා ය.

ඓතිහාසික වාර්තා, ඇසින් දුටු සාක්ෂි සහ දිගුකාලීන ව විවාදයට ලක් වූ න්‍යායන් මත පදනම් ව, මෙම කෘතිය ලියැවී ඇත. එහිදී බොහෝ කරුණු සාක්ෂි සහිතව හෙළිදරව් කරන අතරම, පහසු පිළිතුරක් ලබා නොදෙයි. පාඨකයන්ට තමන් දන්නා යැයි සිතෙන දේ ප්‍රශ්න කිරීමට ද අවස්ථාව ඇත.

අඳුරු අතීතයෙන් වැසී ගිය, සිත් ඇදගන්නා සුළු මෙම කෘතිය, සත්‍යය සම්පූර්ණයෙන් හෙළිදරව් කිරීම තවමත් ප්‍රතික්ෂේප කරන පාලන තන්ත්‍රයක අභිරහස් සොයා කළ ගවේෂණයකි.

ISBN
976245865895
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දෙවන ලෝක යුද්ධයේ නාසි අභිරහස්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.