Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / රහසිගත යුද්ධය

රහසිගත යුද්ධය

About this book

CIA සංවිධානය පරාජයට පත් වූ රහසිගත යුද්ධය.

පළමු වතාවට කියුබානු රාජ්‍ය ආරක්ෂක අංශයේ හිටපු ප්‍රධානියා විසින් එක්සත් ජනපද බුද්ධි අංශ ගැටුම ගැන කතා කරන අතර, ඔහු මාෆියාව, කියුබානු ප්‍රතිවිප්ලවය සහ CIA කුමන්ත්‍රණය පිළිබඳ විශ්මයජනක නව සාක්ෂි ඉදිරිපත් කරයි.

අන්‍ය ජාතියකට එරෙහිව දියත් කරන ලද විශාලතම රහසිගත ක්‍රියාමාර්ගය හෙවත් කියුබානු විප්ලවයේ මුල් වර්ෂ කිහිපයේ CIA මෙහෙයුම් පිළිබඳව ෆෙබියන් එස්කලන්ට් මෙම කෘතිය තුළදී විස්තර කරයි. දහස් ගණනක් දරුවන් මුලිනුපුටා දැමූ මානසික යුද්ධයක් වන පීටර් පෑන්, Operation 40, පැටී, ලිබෝරියෝ සහ ප්ලූටෝ යන මෙහෙයුම් මේ අතරින් විශේෂ ස්ථානයක් ගනී. දෙපාර්ශවයේම නියෝජිතයන්ගේ ඔත්තු බැලීමි. කඩාකප්පල් කිරීම්, ඝාතන කුමන්ත්‍රණ, ගරිල්ලා යුද්ධ සහ හමුදා ආක්‍රමණය පිළිබඳව ද මෙහිදී විස්තරාත්මකව සඳහන් කර ඇත.

රහසිගත යුද්ධය යනු දැවැත්ත මෙහෙයුමක් වන "මොන්ගූස්” පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් වන අතර, එය සෝවියට් මිසයිල දිවයිනට පැමිණීමට පෙර, 1962 ඔක්තෝබර් මාසයේදී කියුබාවට එරෙහිව විශාල ආක්‍රමණයක් එක්සත් ජනපදය සැලසුම් කළ ආකාරය පෙන්වයි. ජනරාල් ෆෙබියන් ඵස්කලන්ට් 1960 දී කියුබානු රාජ්‍ය ආරක්ෂක අංශය සමඟ සම්බන්ධ වූ අතර, කුඩා කැරීබියානු දූපතට එරෙහිව එක්සත් ජනපද රහසිගත මෙහෙයුම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කියුබාවේ ප්‍රධානතම අධිකාරිය ලෙස ද එය සැලකේ.

Details
ISBN
9786245865840
පිටු ගණන (Pages)
238
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: රහසිගත යුද්ධය

Reviews are published once a member of our team has read them.