Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / චායි
About this book

එකෝමත් එක උණුසුම් රටක සීතලම සීතල කඳුකරයක තමා මං ජීවත් වුණේ. කඳුකරය කියන්නේ සීතලට පිස්සු වැටිච්ච මිනිස්සුන්ගේ එහෙම නැත්තම් ඒ සීතලට විතරක් අනුවර්තනය වෙච්චි ජීවින්ගේ අභයභූමිය. ඒ සීතල ඇතුළේ නිළලත් ජීවිත වගේම නිල නොලත් ජීවිතත් තියෙනවා. පාට පාට සමනලයගේ ඉඳලා රෞද්‍ර වන සතා වෙනකම් හැමෝටම මේ කඳුකරය අයිතියි. කඳුකරය කියන්නෙම රහස් වලින් පිරිච්ච ගුප්ත වංකගිරියක් වගේ තැනකට....

නම කියන්න දන්නේ නැති කඳු දෙකක් මැද්දේ තියෙන පුංචි කන්දක සානුවක ඉඳලා පොළොවේ හැදිච්ච කහ පාට තාරකා මල් දිගේ පියාඹන සුදුපාට සමනලයෙක් දිහා මං බලාගෙන හිටියා. එකම කාල රටාවකට තටු උඩට පහළට ගන්න සමනලයාගේ කහ පාට මැද්දේ සුදු පාට තීරු තිබුණා. මං හිතන්නේ එයා ''මොනාච්” වර්ගයේ සමනලයෙක් කියලා...

මං ඈත කඳුකරය පුරා විහිදුන තේ යාය දිහා ඇස් උස්සලා බැලුවා. ලොකු හුස්මක් ගත්තා. මේ හුලඟ මැද්දෙන් මට තේ ගස්වල සුවඳ වෙනමම අඳුරගන්න පුළුවන්.

තේ ගස්වල හෙවන අස්සේ තේ මල් වල සුවඳේ පැටලිලා තේ දළු වලින් තමා අපි ජීවත් වුනේ. ඒ සුවඳ ආත්මයටම සම්බන්ධයි. තේ එකෙන් එන ඒ කහට රස තමා මගේ ජීවිතේ ජීවත් කෙරෙව්වේ.

ISBN
9786246596248
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: චායි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.