Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කොළඹ ගණිකාවෝ

කොළඹ ගණිකාවෝ

About this book

මෙය එදාවේල සොයා ගැනීමේ අභිලාෂයෙන් තම සිරුර සිල්ලරේ විකුණන අහිංසක ගැහැනුන් පාදක කර ගනිමින් ලියූවක් නොවේ.

සත්‍යය සිදුවීම් පමණක් අන්තර්ගත කරමින් ලියැවුණු මේ කතා සමුච්ඡයෙන් පෙන්වා දීමට උත්සාහ ගන්නේ මේ රටේ මිනිසුන්ට පහසුවෙන් ඇස නොගැටෙන වරප්‍රසාද ලත් සුපිරි සමාජයේ මැඩම්ලාගේ ලිංගික කෙරුවාවයි. තම සුන්දර රූපකාය ලිංගික අල්ලස් වශයෙන් ලබා දී දහසකුත් එකක් වරදාන හා වරප්‍රසාද ලබා සමාජයේ ගෞරවනීය අයුරින් වැජඹෙන ඉහළ සමාජ තීරුවේ කතාවයි.

තම සිරුර ලිංගික අල්ලසක් ලෙස ලබා දී පාර්ලිමේන්තුවේ, සංස්ථා සභාපති පුටුවේ, මහාචාර්ය තනතුරේ හා නීතිය හොබවන ඉහළ පුටුවලත්, තවත් කී නොකී ඉහළ තැන්වලටත්, පහසුවෙන් රිංගා ගත් ගණිකාවන් ලෙස ලේබල් නොවූ ගණිකාවන්ගේ කතාවයි. ඔවුනට කිසිවෙකු බඩුව, ගොනා, සතා හෝ වේසි කියා ආමන්ත්‍රණය නොකරති. කට පුරා “මැඩම්” කියාම කියති.

ISBN
9786245923052
පිටු ගණන (Pages)
237
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කොළඹ ගණිකාවෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.