Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / දේශපාලන / කොම්රේඩ් ලයනල්

කොම්රේඩ් ලයනල්

About this book

මෙය තරුණයකුගේ කථාවකි. තරුණයකුගේ පමණක් නොව ජවිපෙ ක්‍රියාධරයකුගේද කථාවකි. එයටත් වඩා ජවිපෙ නායකත්වයේ දෘෂ්ටිමය මඟ පෙන්වීමට යටත්ව ජවිපෙ 2වැනි කැරැල්ලේදී එහි ප්‍රායෝගිකත්වය ක්‍රියාවට නැඟූ කැරලිකරුවෙකුගේ සත්‍ය කථාවකි.

මෙම කථාවේ කථානායකයා ලයනල් රණසිංහය. ඔහු 1961 කුරුවිටදී ඉපිද හොරණ ජීවත් වූවෙකි. උසස්පෙළ හදාරමින් සිටියදී 1981 ජවිපෙට එක්විය. වෘත්තියෙන් හොරණ නගරයේ රටකජු වෙළෙන්දෙකි. පසුව 1986දී ජවිපෙ 2වැනි කැරැල්ලේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වී ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකරලීමේ ජවිපෙ උපායමාර්ගික ගමන්මඟ අනුව එය ක්‍රියාවට නඟමින් විජය කුමාරතුංග, කොළඹ සරසවියේ උප කුලපති, රහස් පොලිස් අධ්‍යක්ෂ සහ එජාප මහ ලේකම් ඇතුළු 41ක් ඝාතනය කළ අයෙකි.

මෙය ජවිපෙ 2වැනි කැරැල්ලේදී එයට එක්වූ ලයනල්ගේ පමණක් නොව ඉදිරිපෙළ සිටි ලයනල්ලාගේද කථාව විය හැකිය. මෙම ග්‍රන්ථය වර්තමානයට පමණක් නොව අනාගතයටද ආලෝකය විහිදුවමින් ඝාතන සංස්කෘතියේ බිහිසුණු අන්ධකාරය දුරින් දුරු කරලීම සඳහා මානව දයාවට නැඟූ උදාන ගීතයක් බඳුය.

ග්‍රන්ථයේ කතුවරයා වසර 1986 සිට 1990 දක්වා 60,000 ඝාතනය වූ ජවිපෙ 2වැනි කැරැල්ල පිළිබඳව සම්භාවනාවට පත්වූ ග්‍රන්ථ 2ක් සම්පාදනය කළ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ධර්මන් වික්‍රමරත්නය.

ISBN
9789555045360
පිටු ගණන (Pages)
431
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කොම්රේඩ් ලයනල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.