බෝදිලිමානය
ඉතිහාසය ලියන්නාට මග හැරෙන හෝ නොවැදගත්වන අඳුරු අහුමුළු දෙසට ආලෝක ධාරා විහිදුවන්නේ ප්‍රබන්ධකරුවා විසිනි. ඉතිහාසයේ වල් වැදුණු තැන් සොයන මානව විද්‍යාඥයනට, ඓතිහාසික ප්‍රබන්ධයද බොහෝ විට පිහිට වනුයේ එහෙයිනි. ශ්‍රී ලංකාවේ වෙල්ලස්සට ද ඇත්තේ ලියැවුණු ඉතිහාසයට වඩා සැඟවුණු ඉතිහාසයකි. එය සොයා යන්නෙකුට ජනශ්‍රැති මාවතේ ගමන් කිරීමට සිදුවෙයි. ගාමිණී බස්නායකගේ 'බෝදිලිමානය' බින්තැන්න පසුබිම් කරගත් පුළුල් පැනොරැමාවක් බඳුය. සිංහල නවකතාවේ මධ්‍යම පාන්තික දෘෂ්ටි කෝණයෙන් හා සුපුරුදු චරිතාවලියෙන් බැහැර වන බස්නායක, පාඨකයාට නුහුරු නුපුරුදු ඉසව්වක ගවේෂණාත්මක හා කුතුහලාත්මක චාරිකාවක ගෙන යයි. පනික්කියා, හිංහා, කළුබණ්ඩේ, කිරා, රති, කන්දයියා, විදානේ වැනි පාත්‍රවර්ගයා බින්තැන්නේ එක් යුගයක ජනවංශයේ පැතිකඩක් රූපණය කරති.
ප්‍රාදේශීය භාෂාව යනු, නවකතාකරුවෙකුට අත්පත් කරගත හැකි අගනා මෙවලමකි. බින්තැන්නේ සැරිසරන ගාමිණී බස්නායක, තම බස් වහර සකසා ගන්නේ එහි පැවතුණු හා පවතින ජනවහරිනි. එය 'බෝදිලිමානය'ට විශේෂිත අනන්‍යතාවක් හිමිකර දෙයි. ඔවුන්ගේ කතාබහ සහ රූපකයන් පිළිබඳ මනෝරූප අප සිත්හි මැවෙන්නේ මවිතයක් ගෙන දෙමිනි. මේ කුඩා කොදෙව්වේ මෙබඳු මිනිස් පැවැත්මක්ද තිබුණේ ද යන කුතුහලය හා විශ්මය අප තුළ ජනිත වෙයි. ගාමිණී බස්නායක, බින්තැන්නෙන් නෙලාගෙන ඇත්තේ සාරවත් අස්වැන්නකි. ඔහු එය නූතනත්වය සමඟ දෙමුහුන් කරන්නේ, තමා දක්ෂ ප්‍රබන්ධකරුවෙකු බවද ප්‍රකට කරවමිනි.
කපිල කුමාර කාලිංග
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.