My Cart
You have no items in your shopping cart.
Telephone: +94 (71) 9448899
අන්තර්ජාලය සහ ජංගම දුරකතන ශ්‍රී ලංකාව නමැති මේ කොදෙව්වේ හතර දිග් භාගය පුරා පැතිරෙද්දී
එහි වැසියන්ගේ ජීවන රටා, හැසිරීම් හා සිතුම් පැතුම්ද තුරඟ වේගයෙන් වෙනස් වෙයි.
එහෙත් මේ වෙනස් වන ශ්‍රී ලාංකික සමාජයේ තාක්ෂණික භාවිතාව, වත්මන් සාහිත්‍යකරුවන්ගේ නිර්මාණ වපසරියට බොහෝ විට මඟහැරෙන ඉසවුවකි.
ජීවපද්ම සඳගෝමිගේ ‘සයිබර් ප්‍රේමය' කාව්‍ය කෘතිය එබඳු ඉම් පෙදෙස් පවා ස්පර්ශ කරමින් ලිවීමට ගත් නිර්මාණශීලි උත්සාහයකි. මොරටුව සරසවියේ ඉංජිනේරු උපාධිධරයකු හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ කළමනාකරණ වෘත්තිකයකු වන ජීවපද්ම සඳගෝමි විද්‍යා සන්නිවේදකයකු ලෙසද කටයුතු කර ඇත. මේ ඔහුගේ පළමු කවි අස්වැන්නයි.
Author | ජීවපද්ම සඳගෝමි - Jeewapadma Sandagomi (1) |
---|---|
Publisher | සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (980) |
ISBN | 9789553128065 |
---|---|
පිටු ගණන | 64 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |