දඹරන් උදුම්බරා
සමස්ත ජෛවගෝලයේම ගාමක බලය වන්නේ ස්ත්‍රී පුරුෂ ආකර්ෂණයයි, එය සතා සීපාවා වෘක්ෂ ලතාවලටද පොදු ධර්මතාවකි. මානව චරිතයේ මෙම ලක්ෂණය සත්ව ලෝකයට වඩා සංකීර්ණ ස්වභාවයකින් යුක්තය. මෙම කෙටිකතා සංග්‍රහයේ එන නිර්මාණවලින් වැඩි ප්‍රමාණයක් මේ සංකීර්ණ මානව ස්ත්‍රී පුරුෂ ආකර්ෂණයේ විවිධ පැතිකඩ සියුම් ලෙස විවරණය කරන තේමාවන් මත ගොඩනගා ඇත.
මෙහි චරිතවල චිත්ත අභ්‍යන්තරයට ශූර ලෙස පන්හිඳ මෙහෙය වී ඇත්තේ කතුවරිය සතු ශල්‍ය වෛද්‍ය පරිචය පරිකල්පන ලෝකයට කැඳවා ගනිමිනි. අගති සහ අභිමන්, සීමා, වීණාවී, දැකුළු මල වැනි කතා එයට නිදසුන් කර දැක්විය හැකිය. එම නිර්මාණවලින් ස්පර්ශ කෙරෙන මානව චෛතසිකයේ ගූඪ අභ්‍යන්තර කතාව ෆ්‍රොයිඩ් කාල් ජුං වැනි මනෝවිද්‍යාඥයන් එළි පෙහෙළි කළ මානව චෛතසික මූලධර්මවලට බෙහෙවින්ම නෑකම් දක්වයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.