දරුවන්ට ලියැවුණු බයිබල් කතන්දර
"එපා, එපා, දරුවන් මා වෙත පැමිණීම කිසිසේත් වළක්වන්න එපා. ඒ දරුවන්ට මා ළඟට එන්න ඉඩ දෙන්න. කවුද ඔබට කීවේ දරුවන් මා ළඟට පැමිණීම වළක්වන්නට. මා එහෙම කියා නැහැ. මා නොකී දේ කරුණාකර කරන්න එපා. මගේ ආශීර්වාදය දරුවන්ට අවශ්‍යයි. ඔවුන්ට මා ළඟට එන්නට ඉඩ දෙන්න."
මේ උන් වහන්සේ ඒ මොහොතේ ප්‍රකාශ කළ වචනයි. මේ වචන ජේසුස් වහන්සේගේ මුවින් පිටවත් ම රැස් ව සිටි සියලු ම දරුවෝ උන් වහන්සේ වෙත දුවගෙන ආවෝය. එසේ පැමිණි දරුවන් කිහිප දෙනෙකු උන් වහන්සේ තුරුළු කර ගනිමින් ද, උකුල මත තබා ගනිමින් ද, සිරුර පිරිමදිමින් ද ආදරය දක්වනු හා ආශීර්වාද කරනු ඔවුන්ගේ මව්වරුන් බලා සිටියේ දෙනෙත්වලින් කඳුළු වගුරුවමිනි.
ජේසුස් වහන්සේ එම දරුවන්ගේ මව්වරුන් සමග ද වචන කිහිපයක් කථා කරන්නට අමතක කළේ නැත. ඔවුන්ට උන් වහන්සේ දුන් පණිවිඩය මෙසේ ය.
"ඔබේ දරුවන් හොඳින් රැක බලා ගන්න. ඔවුන්ට යහ මග කියා දෙන්න. ඔවුන්ට ආදර්ශමත් වන්න. දරුවන් ස්වභාවයෙන් ම දඟකාර නිසා ඔවුන් සමග ඉවසීමෙන් කටයුතු කරන්න. දෙවි පියාණන් කෙරෙහි විශ්වාසය හා භක්තිය ඔවුන් තුළ වර්ධනය කරන්න. උන් වහන්සේ කෙරෙහි ඔබ පවත්වා ගන්නා විශ්වාසය හා ඇදහිල්ල අනුව, උන් වහන්සේ ඔබගේ දරුවන්ට ද ආශීර්වාද කරන සේක."
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.