Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / දස දින
About this book

පැරණි ලතින්, අරාබි, පර්සියානු, හීබෲ සහ සංස්කෘත කතාවල පරිවර්තන බොකෑෂියෝගේ අවධානයට යොමු වන්නට ඇතැයි විශ්වාස කරනු ලැබේ. ඇතැම් කතාවක් කියවද්දී අපට සිහිපත් වනුයේ පංචතන්ත්‍රයේ කතා සහ ජාතක කතා ය. නලිනී ජාතකය, අන්ධභූත ජාතකය, වැනි කතා මෙහි ඇති බව විශේෂයෙන් සඳහන් කළ යුතු ය.

මිනිස් සිතෙහි සදාකාලික ව බලපවත්වනා සරාගී බව මේ කතා බහුතරයකට පදනම් ව ඇති නමුත් කතුවරයා ඒ මඟින් කරනුයේ සමාජයේ යම් යම් දුර්වලතා ඉස්මතු කොට ඒවා උපහාසයට ලක් කිරීම ය. බොහෝ පූජකවරන් ගත කරන දෙබිඩි ජීවිත, පුරුෂාධිපත්‍යය, ස්ත්‍රීන් පීඩාවට පත් කිරීම වැනි කරුණු මේ කතා මගින් නිර්දය විවේචනයට ලක් වෙයි. වසංගත සමය තුළ පල්ලිය කෙරෙහි ජනතාව තුළ වූ අප්‍රසාදය ද ඉන් ප්‍රකට කැරෙයි.

ආඥාවක් මගින් හත් වැනි පාප්වහන්සේ 'ඩිකැමරන්' කෘතිය පල්ලියේ තහනමට ලක් කළ හ. එහෙත් එ වැනි සම්භාව්‍ය කෘතියක් තහනම් කිරීමට එරෙහි ව පැන නැඟුණු දැඩි විරෝධය හමුවේ පාප්වහන්සේට සිදු වූයේ කෘතිය සංස්කරණය කොට මුද්‍රණය කිරීමට එකඟ වන්නට ය.

ISBN
9789555516051
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දස දින

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.