DEADLINE
දශකයකට ආසන්න වූ කාලපරාසයක, ප්‍රශස්ත
ධුර කාල දෙකකින් ඉක්බිති අව්වේකී දේශපාලන
සටන්බිමෙන් සමුගෙන. සැනසිලිදායක විශ්‍රාම
දිවියක් සොයා අගනුවර අතැර මධ්‍යම
කඳුකරයට පැමිණෙන හිටපු ජනාධිපතිවරයෙක්.
ප්‍රචණ්ඩ කුණාටුවක් කඳුකරය සිසාරා හමායන
එක්තරා දෛවෝපගත දිනෙක, පළිගැනීමේ
ඒකායන අභිලාශයෙන් ඔහු සොයා එන ඒ
අතීතාවතාර කවරහුද?
සමස්ත දේශයක් ලෙයින් නහවන, විනාශයේ
අග්නියෙන් දවාලන ඔවුන්ගේ ලේ පිපාසිත
අරමුණ, කෲරතර සැලසුම කුමක්ද?
ඔවුන් හමුවේ ස්වකීය ජීවිතය මෙන්ම ලක්ෂ
සංඛ්‍යාත ජීවිත ගලවාගනු වස්, මීදුමෙන්
වෙළාගත් කඳුපන්ති, බිහිසුණු වනමෘගයින්
ගැවසීගත් අන්ධකාර කඳුකර වනාන්තර.
කාලයේ වැලිතලාවෙන් වැසීගත් ඉපැරැණි උමං
මාර්ග මැදින් කාලය, මරණය හා සොබාදහම
සමඟ සටන්වදිමින් ඉදිරියට ඇදෙන ඔහුගේ
ගමන කොයිබටද?
මෙය තවත් එක් ගැලවීමේ හෝ
ගළවාගැනීමේ කතාවක් නොවේ!
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.