Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඩියර් හබී

ඩියර් හබී

ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

''වෛර කරන්න ඕන වුණත් ආදරේ කරපු හිතකින් වෛර කරන්න තේරෙන්නේ නෑ මට..''
" ඒ කියන්නේ උඹේ හිතේ වෛරයක් නෑ...''
"කවදාවත් නෑ..''
"ඒ ඇයි..? ඌ උඹට කළේ මහා බලු වැඩක්නේ.. උඹේ ජීවිතේ එක්ක ඌ සෙල්ලම් කළානේ....''
"වෙන්න ඇති අක්කේ.. ඒත් මිගාර අයියාටයි මම මුලින්ම ආදරේ කළේ..
එයා මට හිනා වෙන්න හේතු දුන්නා.. ඒ වගේම අඬන්නත් හේතු දුන්නා.. මදුරුවෙක් කෑවාම පළු දාලා අඬන මම එයා දුන්න දුකට පපුව හත්කඩකට පැළිලාත් ඔළුව කෙළින් තියන් ආපහු ජීවත් වෙන තරමට දරදඬු වුණා.. එයා නිසා නැති වුණ දේවල් වගේම එයා කරපු දේ නිසා මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණත් මට මගේ ජීවිතේ අද මම මේ ඉන්න තැනට ගේන්න ලැබුණා.. ඉතිං ඒ හැමදේම එයා මට ඒ කරපු වැරැද්ද නිසයි.. ඉතිං කොහොමද මම වෛර කරන්නේ එයාට.. ඒත් සමාවක් දෙන්නත් හිත හදාගන්න බෑ මට.. එයා මීට අවුරුදු දෙකකට කලින් එයාට ආදරේ කරපු විභංගාව අමු අමුවේ මරලා දැම්මා..''
පපුවේ කැකෑරෙන වේදනාවත් එක්ක විහංගා කතා කළේ මිගාර ගැන හරි තීරණයක් ගන්න බැරුවයි. කාලය හැම තුවාලයක්ම සනීප කරනවාලු. ඒත් මිගාර ඇති කරපු තුවාලයට බෙහෙත් තාමත් කාලයටත් හොයලා දෙන්න බැරි වුණා.

ISBN
9786245808106
පිටු ගණන (Pages)
496
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඩියර් හබී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.