දේශීය සිනමා වංශය
About this book
සිනමාව කලාවක් මෙන් ම, විශාල පරිමාණයේ වෙළඳ ව්‍යාපාරයක් ද වේ. සිනමා කලාව කලාකරුවාගේ නිර්මාණ ශක්තිය හා දැක්ම මත හැඩගැසෙන්නාක් මෙන් ම, සිනමාවේ ප්‍රධාන ධාරාව (Main stream) ලෙස සැලකෙන විනෝදාත්මක සිනමාව නිසැක ව ම රසිකයන්ගේ ඕනෑ එපාකම් අනුව හැඩ ගැසේ. විනෝදාත්මක සිනමාවේ
නිරත සිනමාකරුවන්, දේව භාෂිතයක් සේ අදහන අප දෙන්නේ ජනතාවට අවශ්‍ය දේ කියමන බිහිව ඇත්තේ, ව්‍යාප්ත ව ඇත්තේ මේ නිසාය. මේ දෙආකාරයේ ම හැඩතල එනම් සිනමා කලාවේ හැඩතල නිර්ණය සඳහා මුලික වන සිනමාකරුවන්ගේ නිර්මාණ ශක්තිය, දැක්ම හා අරමුණු මෙන් ම, විනෝදාත්මක සිනමාවේ හැඩතල නිර්ණය සඳහා මුලික වන බහුතර ප්‍රේක්ෂකයන්ගේ රුචිකත්වය ද තීරණය වන්නේ සමාජ, ආර්ථික, දේශපාලන, ප්‍රපංචයන්හි හැඩගැස්ම අනුවයි. එහෙයින් සිනමාව හුදෙකලා කලාවක් ලෙස පමණක් ගෙන කෙරෙන විග්‍රහය අසම්පුර්ණ වුවකි.
ඒ හා සමග ම සිනමාව විශ්ව ව්‍යාප්ත කලාවක් ද වේ. මෙහෙයින් ජාත්‍යන්තර සිනමාවේ හැඩලතද, එහි ප්‍රවණතා ද දේශිය සිනමාවන් කෙරේ බලපෑම වළකාලිය නොහේ. අවදියෙන් අවදිය දේශීය සිනමාවන් තුළ සිදුවන නවතාවන්, එහෙයින්, තේරුම් ගත යුත්තේත් , විග්‍රහ කළ යුත්තේත් තත්කාලීන ජාත්‍යන්තර සිනමාවේ හැඩ තල ද අවධානයට ගනිමිනි.

Details
ISBN
9789553101433
පිටු ගණන (Pages)
453
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review