දේව අසිපත
විශ්‍රාමික විශේෂ බළකා සෙබළුන් වන ජොනතන් පේන් සහ ඩේවිඩ් ජෝන්ස්ට පෙරළා කැඳවීමක්! වරෙක ඔවුන් යටතේ සේවය කළ සහෝදර සෙබළෙකු හා ඔහු මෙහෙයවූ භට කණ්ඩායම සාහසික ලෙස ඝාතනය කර ඇත. තම රාජකාරිය දේවත්වයෙහි ලා සැලකූ ඔවුන්ගේ සහෝදර සෙබළා සහ ඔහුගේ කණ්ඩායමට සිදු වූවේ කුමක්ද?
දකුණු කොරියාවේ ජේජු දිවයිනේ රහසිගත ගුහාවක් තුළ සිදු කෙරෙන සංහාරයක් සියැසින් දකින කොලුගැටයෙක්! එයින් දින කිහිපයකින් අනතුරුව ඔහුගේ මුළු ගම්මානයම අතුරුදන් වන්නේ ඇයි?
සෞදි අරාබියේ ශුද්ධ වූ නගරය මධ්‍යයෙහි ඇති උමඟක කාන්තා පුරාවිද්‍යාඥවරියකගේ මූලිකත්වයෙන් දියත් වන රහසිගත භූගත කැණීමක්! උමගෙහි යම් තැනක තැන්පත් කර ඇතැයි ඔවුන් අපේක්ෂා කරන ඉස්ලාම් දහමේ අතිසුවිශේෂ කෞතුක වස්තුව කුමක්ද? ඔවුන්ට එය සොයාගත හැකි වේද?
තම සහෝදර සෙබළාට සිදු වූ දේ සොයා යන ගමනේදී මුළු ලොවම ගිනිජාලාවක දවා පිලිස්සීමට ඉඩ ඇති, ඇග කිලිපොළා යන ත්‍රස්තවාදී සැලසුමක් නිරාවරණය කරගන්නා පේන්ටත්, ජෝන්ස්ටත් ඉස්ලාමික දහමේ කේන්ද්‍රස්ථානය ත්‍රස්තවාදීන්ගෙන් බේරාගැන්මට හැකි වේද? මේ ත්‍රස්තවාදීන් කවුරුන්ද?
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.