Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / දෙවැනි බත හා බුලත වටා ගෙතුණ ජන සාහිත්‍ය සන්නිවේදනය

දෙවැනි බත හා බුලත වටා ගෙතුණ ජන සාහිත්‍ය සන්නිවේදනය

About this book

ඌව-පරණගම අඹගස්දෝව ග්‍රාමයේ උපන් සිරිසේන වීරසුන්දර මූලික අධ්‍යාපනය හැදෑරුවේ ගමෙහි පාසල වූ අඹගස්දෝව ශ්‍රී සුමනජෝති විද්‍යාලයෙනි. අනතුරුව, මැදවෙල මහා විද්‍යාලය, දියතලාව ශ්‍රී සුධර්මාලංකාර පිරිවෙණ ආදි ආයතනවලින් අධ්‍යාපනය හදාරා 1977 වර්ෂයේ විද්‍යෝදය සරසවියෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගති. එම වර්ෂයේම ලංකා බැංකුවේ සේවයට බැඳුණු ඔහු කොළඹ සරසවියෙන් ශාස්ත්‍රපති උපාධිය ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ලේඛකත්ව හා ජනසන්නිවේදන පශ්චාද් උපාධි ඩිප්ලෝමාව ද, එම සරසවියේම වෛද්‍ය පීඨයේ මනෝ උපදේශනය ද හැදෑරීය. එවකට ‛දවස’ පුවත්පතට ලිපි සම්පාදනය කරමින් ලේඛන කලාවට පිවිස, දැනට පොත් කිහිපයක්ම ලියා පළ කර ඇත. 1992 වසරේ ඌවේ ශාස්ත්‍රීය විද්වතෙකු ලෙස ඌව ආණ්ඩුකාරවරයාගේ සම්මානයට ද පාත්‍ර විය. නාවල විවෘත විශ්වවිද්‍යාලයෙහි බාහිර සම්පත් දායකයෙකු ලෙස ද කලක් සේවය කළ මොහු 2012 වසරේ විශ්‍රාම යන විට ලංකා බැංකුවේ ප්‍රධාන කළමනාකාර තනතුර දැරීය.

මොහුගේ මේ නවතම පර්යේෂණ කෘතිය කොටස් දෙකකින් විස්තාරණය කෙරේ. එනම් "දෙවෙනි බත වටා ගෙතුණු ජන සාහිත්‍ය සන්නිවේදනය” හා “බුලත වටා ගෙතුණු ජන සාහිත්‍ය සන්නිවේදනය” වශයෙනි. මේ කෘතිය ජනසාහිත්‍යය මෙන්ම සංස්කෘති සන්නිවේදනාත්මක පසුබිමක් ද ආශ්‍රිතව ලියැවී ඇත.

ශ්‍රී ලාංකේය ජනජීවිතය හා අත්‍යන්තයෙන් බැඳී ඇති දෙවන බත්ගස යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන කොස් ගස ජාතික වෘක්ෂය ලෙසත් බුලත්වැල ජාතික වැල වශයෙනුත් නම් කිරීමේ යෝග්‍යතාව මෙහිදී මතු කෙරේ. විද්වත් හෝ පොදුජන හෝ භේදයකින් තොරව කවර සිංහල පාඨකයෙකුට වු ව ද මේ කෘතිය කියවා තේරුම් ගත හැකි බවත්, අන්තරගත කරුණු බෙහෙවින් ප්‍රයෝජනවත් බවත් මගේ අවංක විශ්වාසයයි.

මහාචාර්ය රත්න විජේතුංග

ISBN
9786245710580
පිටු ගණන (Pages)
236
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දෙවැනි බත හා බුලත වටා ගෙතුණ ජන සාහිත්‍ය සන්නිවේදනය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.