ධම්ම චක්ඛු
“(නිවන්) පිළිවෙතට කැමති වන්නකුට තමා තුළ පවතින යම් යම් සැක සංකා විමතීන් දුරු කරගනිමින් බුදුසසුනින් ආධ්‍යාත්මික අස්වැසිල්ලක් උදාකර ගැනීම සඳහා ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි සූරීන් විසින් සම්පාදිත 'ධම්ම චක්ඛු දහම් ඇස ලිපි සංග්‍රහය මහඟු අත්වැලක් වනු නො අනුමාන ය. මාතෘකා තිස්දෙකක් ඔස්සේ විහිදෙන මේ ධර්ම සංග්‍රහය දහම් ලැදි පොදු පාඨකයාට තේරුම් ගැනීම පහසු වන පරිදි සරල සුගම බස් වහරකින් සම්පාදනය වී ඇත. ප්‍රතිපදාවෙහි උත්සුක ශ්‍රාවකයාට අවශ්‍ය මූලික ධර්ම පර්යායයන් පිළිබඳ අවබෝධයක් ලැබීමට හැකි වන පරිද්දෙන් කරුණු සංග්‍රහ කර ඇති ආකාරය ප්‍රශස්ත ය. අනිත්‍ය දැක්ම වාස්තවික ලෝකයේ අනිත්‍යතාවයට සීමා නො වී, අම්මානය ජනිත වන ස්කන්ධ ක්‍රියාකාරීත්‍වයේ අනිත්‍යතාව දැකීමේ අවශ්‍යතාව කෘතියෙහි අවධාරණය වී තිබේ. එහෙයින් මේ ධර්ම සංග්‍රහය ධර්මකාමීන් වෙත පිරිනැමෙන උත්කෘෂ්ට සංග්‍රහයක් බව මෙහි දී වෙසෙසින් හඳුන්වා දෙනු කැමැත්තෙමි.”
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.