දියමන්ති
සුන්දර කඳුකරයේ ඈත ගමක, පනහේ දශකයේ මුල් භාගයේ විසූ මුතු මැණිකේගේ දුෂ්කර සහ කටුක ජීවන අන්දරය රෝස මල් මාවතක ඇදී ගිය එකක් නොව; රුදුරු කටුකොහොලින් පිී ගිය එකකි. විටෙක ඇදවැටුණු නමුත් ඇය මව් සෙනෙහසින් පන්නරය ගෙන කෙසේ හෝ ජීවිත ගමනට මුහුණ දී අවසානයේ මිණිකැට මෙන් වටිනා දරුවන් පිරිසක් ලෝකයට දායාද කිරීමට සමත් වූවාය.
ඉතා තරුණ වයසේදී සිදු වූ සිය සැමියාගේ අකල් වියෝව නිසා මල් සේ සදිසි ඕළු, මානෙල්, නෙළුම් හා කුමුදු සිව් දියණියනුත් ගැමුණු හා ගජබා පුතුනුත් සමඟ ඇය තනි වූවාය. ජීවන කතරේ අතරමං නොවී යහපත් මාවතක සෙමින් ගමන් කරමින්, කෙතරම් දුක් පැමිණියද සුබවාදීව ජීව්තය දකිමින් ඇය කෙසේ හෝ අවසානයේ දියමන්ති සේ දැඩි නමුත් වටිනා ජීවිත අත්දැකීම් ලබාගත්තාය.
මේ, ඒ සවිමත් ගැහැනියගේ කතාවයි!
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.