දියමන්ති - Pre Order (Signed Copy)
සැප්තැම්බර් මස නිකුත් වීමට නියමිතයි. නිකුත් වී තොග ලැබුණ පසු බෙදාහැරීම් ආරම්භ කරන බව කරුණාවෙන් සලකන්න.
සුන්දර කඳුකරයේ ඈත ගමක, පනහේ දශකයේ මුල් භාගයේ විසූ මුතු මැණිකේගේ දුෂ්කර සහ කටුක ජීවන අන්දරය රෝස මල් මාවතක ඇදී ගිය එකක් නොව; රුදුරු කටුකොහොලින් පිී ගිය එකකි. විටෙක ඇදවැටුණු නමුත් ඇය මව් සෙනෙහසින් පන්නරය ගෙන කෙසේ හෝ ජීවිත ගමනට මුහුණ දී අවසානයේ මිණිකැට මෙන් වටිනා දරුවන් පිරිසක් ලෝකයට දායාද කිරීමට සමත් වූවාය.
ඉතා තරුණ වයසේදී සිදු වූ සිය සැමියාගේ අකල් වියෝව නිසා මල් සේ සදිසි ඕළු, මානෙල්, නෙළුම් හා කුමුදු සිව් දියණියනුත් ගැමුණු හා ගජබා පුතුනුත් සමඟ ඇය තනි වූවාය. ජීවන කතරේ අතරමං නොවී යහපත් මාවතක සෙමින් ගමන් කරමින්, කෙතරම් දුක් පැමිණියද සුබවාදීව ජීව්තය දකිමින් ඇය කෙසේ හෝ අවසානයේ දියමන්ති සේ දැඩි නමුත් වටිනා ජීවිත අත්දැකීම් ලබාගත්තාය.
මේ, ඒ සවිමත් ගැහැනියගේ කතාවයි!
Author | තිලංකා සේනානායක - Thilanka Senanayake (3) |
---|---|
Publisher | කර්තෘ ප්‍රකාශන - Self Published (510) |
ISBN | 9786249460911 |
---|---|
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |