දුඹුරු කොළ මොනරු ලිස්සන පපුව මැද
ස්ත්‍රී චිත්ත චර්යයෙහි දිගු-පුළුල කෙතරම්දැයි ඕ පහදා දෙන්නීය. බොරුවට ස්ත්‍රීවාදී නොවූ කල්හි ස්ත්‍රීත්වයෙහි සිතුම් පැතුම් කෙතරම් නිර්ව්‍යාජ දැයි ඕ පහදා දෙන්නීය. තනුජා ලුම්බිණිගේ කවි ප්‍රසාදාප්‍රණේත වන්නට යට කී එක් හේතුවක් හෝ මුලික වන බව නිසැකය.
ඒ එකම තනි පියොවුර - පාළු නිම්නයකට තනි රකින
නූස් කටු ගැටයක හැඩය - මහරගමදී ඇයට හිතුණේ එහෙමය
කාන්තා ශරීරාංගයක් ගැන කියනවාට වඩා ඇය කියන්නේ ජීවිතයේ භූ විෂමතාවන් වෙනස් වන අයුරු ගැනය. ඒ කාන්තා සිතම දිළිසෙන සාටෝපවත් සමාජයෙන් උගත් පාඩම යළි මෙනෙහි කරන්නේ මෙහෙම ය.
සබන් ඇඩ් එක ඉඳහිටක යනකොට
මාලනී ඇස් පිහිනවා කුස පිරිමැද
ඒ සබන් හරි සැරයි ඔය කියන සුවඳ නෑ එහෙමට
මාලනී මුමුණනව ඇහෙන නෑහෙන ගාණට
උත්ප්‍රාසය ලාක්ෂණික ගුණය කොටගත් හාස කවි රීතිය (Parody) වෙත ද විටෙක තනුජා නැඹුරු වෙයි. ඉන් පල ලබයි.
වලවේ දෙනුන් හට කිරි හැමදිනම එරේ
නවසිලන්ත කල්දේරම් කිරෙන් පිරේ.
විල්පත්තුවේ හදවත් මොරටුවෙදි ඉරේ
වැහි පොදකටත් යට වෙනවා රත්නපුරේ
- රත්න ශ්‍රී විජේසිංහ -
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.