දුකසේ විඳින කර්ම විපාක
දුකසේ විඳින කිරීම විපාක
(ප්‍රේත වස්තුව ඇසුරෙනි)
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
බුද්ධ ශාසනය අංග නවයකින් සමන්විත වේ. ප්‍රේත වස්තුව ඇතුළත් වන්නේ එහි ගාථා නම් වූ ශාසනයට ය. මෙම ප්‍රේත වස්තු පාළි අයත් වන්නේ ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මයේ ඛුද්දක නිකායට ය. ප්‍රේත වස්තුවෙහි තිබෙන්නේ ප්‍රේත ලෝකයෙහි ඉපිද අනන්ත දුක්ඛිත ජීවිත ගෙවන්නා වූ අවාසනාවන්ත පිරිසක් ගැන යි. ඒ සියල්ල නිමැවී තිබෙන්නේ තම තමන්ගේ කර්මානුරූපව ය.
ප්‍රේත වස්තුවෙන් කියැවෙන්නේ ප්‍රේත ලෝකයෙහි තොරතුරු ය. මනුෂ්‍යයන් විසින් දූෂිත සිතින්, සිත කය වචනයෙන් පව් කරන ලදුව එකී පාපයන්ගෙන් නිර්මිත වූ දුක්ඛිත ජීවිත ගැන අනුවේදනීය තොරතුරු රැසක් ඔබට මේ මාහැඟි ග්‍රන්ථයෙන් ඉගෙන ගත හැකි ය. ඔවුන් ඉතා දුක් සහිත ලෙස සෙම්, සොටු, ලේ, සැරව ආදිය අනුභව කරමින් ස්වකීය සා පිපාසා නිවාගන්නට වෙහෙසෙන අයුරු හද කම්පා කරවන සුලු ය. එමෙන් ම අකුසල කර්මයන් කෙරෙහි බලවත් බියක් මෙන් ම පිළිකුලක් ඇතිවීම නිතැතින් ම සිදු වේ.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.