Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ජනකතා / දුම්බර ජනකතා

දුම්බර ජනකතා

About this book

අපේ ජාතික උරුමයන් වූ ජනකතාවෙන්, ජන කවියෙන් දරුවන් ඈත් කිරීමේ 

ප්‍රතිවිපාක දැන් දැන් ජන සමාජයේ ඇතැම් කොටස් හා අධ්‍යාපන අංශයේ 

නියමුවෝ අවබෝධ කරගෙන සිටිති. ඒ නිසාම රට දැය සමය ගැන සුමුදු 

සිතිවිලිවලින් පිරිපුන් දරු පරපුරක් බිහිකිරීමේ පරමාර්ථයෙන් ජනකතා හා 

ජනකවි වැනි ජන සාහිත්‍යාංග වෙත ළමයි යොමු කිරීමට ඔවුහු පෙළඹී සිටිති. 

 

ජනකතා වූකලී අපේ ජාතික පුරාවස්තු ලෙස හැඳින්විය හැක. ‘දුම්බර 

ජනකතා’ තුළින් ඔබට ඉදිරිපත් කරන කතා වැඩි ප්‍රමාණයක් දුම්බර මිටියාවතේ 

වියපත් ගැමියන්ගෙන් අසා දැනගත්, ඉතිහාසය පිළිබඳ තොරතුරුවලින් යුතු 

කතා ය. ඇතැම් ඉතිහාස තොරතුරු කුතුහලය දනවන අප්‍රකට ඒවා ය. ජනකතා 

අතර ඇති මේ තොරතුරු කෙතෙක් දුරට සත්‍ය දැයි එක එල්ලේ කිව නොහැකි 

වුවද විජය කුමාරයාගේ ගොඩ බැසීමේ සිට මෙරට රජ පරපුර වටා ගෙතුණු

ඉතිහාසගත තොරතුරු ඇතුළත් ජනකතා රාශියක් අප අතර ඇත. ඒවායින් 

දුම්බර ප්‍රදේශයේ පැරණි ගැමියන් අතර පැවත එන ජනකතා කිහිපයක් හා ග්‍රාම 

නාම සෑදුණු ආකාරය පිළිබඳ කතා දෙක තුනක් ද, විනෝද කතා, උපහාස කතා 

කිහිපයක් ද ‘දුම්බර ජනකතා’ තුළ අඩංගු වෙයි.

ISBN
9789556561814
පිටු ගණන (Pages)
136
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දුම්බර ජනකතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.