Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / ගිරුවාපත්තුවේ ජනකතා

ගිරුවාපත්තුවේ ජනකතා

About this book

ජාතියක නොසිඳී පැවත එන චීන ජනකාව්‍ය පමණක් නොව කතන්දර හෙවත් ජනකතා ද ජනශ්‍රැති සාහිත්‍යයට ඇතුළත් සාහිත්‍ය අංගයෝ වෙති. ශාස්ත්‍රීය වූ ද නීති රීති නොම වූ ද සාහිත්‍ය කෘතීන්ගෙන් ලබන ගැඹුරු රසාස්වාදයට නොදෙවනි ස්ථානයක් නම් පරිසරයේ සෞන්දර්යය හා සිදුවීම් අන්තර්ගත වූ ජනශ්‍රැති සාහිත්‍යයෙන් ද ලැබිය හැකි ය. 

ජාතික සංස්කෘතිකාංගයෙන් හා ගැමිවහරින් සුපෝෂිත වූ ජනකතාවට සිංහල ජනශ්‍රැතිය තුළ උසස් තැනක් හිමි වේ. එයට වැදගත්ම හේතුව වන්නේ වියරණ මියර හා සදහා සිතැඟි හා කියමන් ඇසුරින් පොදු පාඨකයාට අවබෝධකර ගත හැකි සේ ගැළපී තිබීමයි. ඉහත සඳහන් කරුණු අනුව වීමක බලන විට රන්ජිත් ඒකනායක විසින් රචිත ගිරුවාපත්තුවේ ජනකතා එකතුව අගනා කතා සංග්‍රහයක් ලෙස හඳුන්වා දිය හැකි ය. ගිරුවා දොළොස්දහස් රට පෙර රජ දවස පටන් විවිධ ජනශ්‍රැතිකාංග නිපදවීමට තෝතැන්නක් වූ සශ්‍රීක භූමියකි. ගිරුවාපත්තුව ජනතාවගේ අව්‍යාජ ජීවන දර්ශනය ඔප්නංවන මේ ජනකතා, ගැමි ජන ජීවිතයේ සොඳුරු තැන් රසවත්ව කියාපායි. ඒ සඳහා කතුවරයා දරා ඇති උත්සාහය අගය කළ යුතු ය. 

උපාධිධාරී ගුරුවරයෙකු වන රන්ජිත් ඒකනායක විසින් සම්පාදිත ගිරුවාපත්තුවේ ජනකතා සංග්‍රහය ගැමි සාහිත්‍යෙය් රස මුසුතැන් හෙළි කරන ජනශ්‍රැති සාහිත්‍යයට එක් කළ අගනා නිර්මාණයකි. මේ නිසා ගිරුවාපත්තුවේ ජනකතා බාල, තරුණ, මහලු කාහටත් කියවා රසවිඳිය හැකි හාස්‍යය, උපහාස්‍යය පිරි කතා සංග්‍රහයක් ලෙස අගය කරමි.

මහාචාර්ය ආනන්ද අබේසිරිවර්ධන 

ප්‍රධාන කර්තෘ, සිංහල ශබ්දකෝෂ කාර්යාලය

Details
ISBN
9789556564136
පිටු ගණන (Pages)
86
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ගිරුවාපත්තුවේ ජනකතා

Reviews are published once a member of our team has read them.