Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දුර්ග මංපෙත
About this book
යුදෙව් ජාතික ඇනා සහ ඇගේ පවුලේ උදවිය දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වීමට පෙර නාසි ආක්‍රමණයෙන් මිදී ජර්මනියෙන් පලා යති. මුලින්ම ස්ව්ට්සර්ලන්තයටත්, ඉන් පසු ප්‍රංශයටත් සංක්‍රමණය වන ඔවුන් තම අවසාන නවාතැන ලෙස තෝරාගන්නේ එංගලන්තයයි. එහෙත් ලන්ඩනයට නාසි හමුදාවේ දරුණු ගුවන් ප්‍රහාර එල්ලවන අවදියේදි ඇනාලා දිවි ගලවා ගන්නේ අසීරුවෙනි.

කොතරම් දුෂ්කරතා මැද වුවත් ඇනා සහ ඇගේ සොයුරු මැක්ස් තම ජීවන ඉලක්ක වෙත පියෙන් පිය ළඟා වෙති. එහෙත් නුහුරු භාෂාවක් කතා කරන ආගන්තුක රටක සරණාගත බවට පත්වන ඇගේ දෙමාපියන්ට එසේ අලුත් පරිසරයකට හැඩ ගැසීම අසීරුය. ආර්ථික දුෂ්කරතා සහ මානසික පීඩනය හේතුවෙන් දිගින් දිගටම ඔවුන්ගේ ජීවිත අසීරු වෙයි. තම ජීවන අත්දැකීම් ඇසුරෙන් ජූඩිත් කර් ලියූ තුන් ඈඳුතු නවකතා මාලාව අතිශය පාඨක ප්‍රසාදයට ලක්විය. එහි පළමු කොටස When hitler stole Pink Rabbit කෘතිය 'හිට්ලර් සොරාගත් රෝස හාවා' ලෙස මින් පෙර ප්‍රකාශයට පත්විය. 'දුර්ග මංපෙත' ලෙස මේ එළි දකින්නේ එහි දෙවැනි භාගය වන The other way around හි සිංහල පරිවර්තනයයි.

ISBN
9789556912890
පිටු ගණන (Pages)
344
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. .
    Pls deliver these two books to naturub group of company , madupitiya , panaduta - if any details contact suranji - 0773139818
    Suranji ·
Write a review

You're reviewing: දුර්ග මංපෙත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.