Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / ඒ අමා ගීතය
About this book

"ඒ අමා ගීතය" වනාහී චම්පු කාව්‍යයකි. එනම් ගද්‍යයේත් පද්‍යයේත් සම්මිශ්‍රතයෙන් සුසැදි නවකතාවකි.

මානව වංශ කථාවේ ස්වර්ණමය යුගය සනිටුහන් කළ සිද්ධාර්ථ ගෞතම නම් වූ උත්තුංගදේහධාරී ශාක්‍යවංශික කුමරාණන් විමුක්තිය සොයා ගිය ඒ විස්මය ජනක වීරෝදාර ආධ්‍යාත්ම චාරිකාව පිළිබඳව අභිනව වෘත්තාන්තයක් ඔබ ඉදිරියේ මැවී යන සොඳුරු සිතුවම් පටයකින් මෙන් දකිනු කැමැත්තෙහි ද?

මේ මහා භද්‍ර කල්පයේ අපගේ යුගයේ පහළ වූ ඒ ගෞතම සම්බුදු සමිදාණන් භාරතය පුරා දූවිලි පිරී ගිය මං මාවත් ඔස්සේ පියවර තබා වඩින සඳ, මුළු ලොව ම නිවී සැනසී ගිය ඒ ආනන්දනීය චරිතාපදානය ඔබ ඉදිරියේ ගලා හැලෙනා රිදී දියදහරක් සේ දකිනු කැමැත්තෙහි ද?

එසේ ය! මියුරු තත්සර නගමින් ඔබ ඉදිරියේ ඒ අමා ගීතය ගැයෙන්නේ පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ගේ පෑන් තුඩිනි. මින් දසවසරකට පමණ පෙර උන්වහන්සේ විසින් ලියන ලද මෙම චම්පු කාව්‍යය කියවන විට ව්‍යක්ත භාෂාවක ඇති කෝමල මාධූර්යය කොතරම් රසවත් දැයි ඔබට ම පසක් වනු ඇත.

ISBN
9789555517867
පිටු ගණන (Pages)
176
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඒ අමා ගීතය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.