Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / ඒ අමා ගීතය

ඒ අමා ගීතය

ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book

"ඒ අමා ගීතය" වනාහී චම්පු කාව්‍යයකි. එනම් ගද්‍යයේත් පද්‍යයේත් සම්මිශ්‍රතයෙන් සුසැදි නවකතාවකි.

මානව වංශ කථාවේ ස්වර්ණමය යුගය සනිටුහන් කළ සිද්ධාර්ථ ගෞතම නම් වූ උත්තුංගදේහධාරී ශාක්‍යවංශික කුමරාණන් විමුක්තිය සොයා ගිය ඒ විස්මය ජනක වීරෝදාර ආධ්‍යාත්ම චාරිකාව පිළිබඳව අභිනව වෘත්තාන්තයක් ඔබ ඉදිරියේ මැවී යන සොඳුරු සිතුවම් පටයකින් මෙන් දකිනු කැමැත්තෙහි ද?

මේ මහා භද්‍ර කල්පයේ අපගේ යුගයේ පහළ වූ ඒ ගෞතම සම්බුදු සමිදාණන් භාරතය පුරා දූවිලි පිරී ගිය මං මාවත් ඔස්සේ පියවර තබා වඩින සඳ, මුළු ලොව ම නිවී සැනසී ගිය ඒ ආනන්දනීය චරිතාපදානය ඔබ ඉදිරියේ ගලා හැලෙනා රිදී දියදහරක් සේ දකිනු කැමැත්තෙහි ද?

එසේ ය! මියුරු තත්සර නගමින් ඔබ ඉදිරියේ ඒ අමා ගීතය ගැයෙන්නේ පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ගේ පෑන් තුඩිනි. මින් දසවසරකට පමණ පෙර උන්වහන්සේ විසින් ලියන ලද මෙම චම්පු කාව්‍යය කියවන විට ව්‍යක්ත භාෂාවක ඇති කෝමල මාධූර්යය කොතරම් රසවත් දැයි ඔබට ම පසක් වනු ඇත.

Details
ISBN
9789555517867
පිටු ගණන (Pages)
176
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
නිර්මාංශ ප්රශ්නය නිර්මාංශ ප්රශ්නය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි රු. 360.00 මිළිඳු රාජ ප්රශ්නය මිළිඳු රාජ ප්රශ්නය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි රු. 450.00 මිළිඳු රාජ ප්රශ්නය මිළිඳු රාජ ප්රශ්නය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි රු. 585.00 මිළිඳු රාජ ප්රශ්නය මිළිඳු රාජ ප්රශ්නය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි රු. 495.00 මිළිඳු රාජ ප්රශ්නය මිළිඳු රාජ ප්රශ්නය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි රු. 495.00 ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි රු. 945.00
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඒ අමා ගීතය

Reviews are published once a member of our team has read them.