ඒ් අමුතු සන්ධ්‍යාව

Special Price රු. 520.00 Regular Price රු. 650.00
In stock
SKU
e-amuthu-sandyawa-david-gtossman-mohan-dharmarathna-susara

ඊශ්‍රායලයේ කුඩා නගරයක විනෝද සමාජශාලාවකි. විනෝදයෙන් පිරි සන්ධ්‍යාවක් ගතකිරීමේ බලාපොරොත්තුවෙන් ප්‍රේක්ෂක පිරිසක් පැමිණ සිටිති. ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ දමමින්, විකට ශිල්පියකු වේදිකාව මත අසාර්ථක වී පුපුරා කඩා වැටෙනු ඔවුන්ට දැකගන්නට ලැබේ. එය ඔහුගේ තෝරාගැනීම මත සිදුවන්නකි. දොවාලේ ජී නැමැති ප්‍රවීණ, ආකර්ශණීය, අනපේක්ෂිත මෙන්ම කටුක උපහාසය ගෙනෙන හිටිවන විකට ශිල්පියා, ඔහුට බෙහෙවින්ම ආදරය කළ දෙදෙනාගෙන් කෙනෙකු තෝරාගැනීමේ බියජනක මෙන්ම වේදනාකාරී තීරණය ගන්නට සිදුවීමේ බර උසුලාගෙන වසර ගණනාවක් තිස්සේ තමා ජීවත් වූ අයුරු ප්‍රේක්ෂකයන් ඉදිරියේ හෙළිදරව් කරයි.

තමාව මෙන්ම තම ප්‍රේක්ෂකයාවද නිර්දය ලෙස පතුරු ගසමින් ඔවුන් තුළ පිළිකුල හා සහකම්පනය දනවන්නට සමත්වන්නේ සිනාසිය යුතුද ඇඬිය යුතුද යන ප්‍රශ්නාර්ථ දෙක මැද ඔවුන් සිර කරවමිනි. මේ සියල්ල සිදුවන්නේ, තමාව එතැනට කැඳවනු ලැබුවේ කුමක් නිසාදැයි වටහාගන්නට වැර දරණ ඔහුගේ ළමාවියේ මිතුරකු ඉදිරිපිටය.

Author මොහාන් ධර්මරත්න - Mohan Dharmarathna (5), David Grossman (1)
Publisher සුසර ප්‍රකාශකයෝ - Susara Prakashakayo (816)
More Information
ISBN 9786246451356
පිටු ගණන 239
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ඒ් අමුතු සන්ධ්‍යාව
Back to Top