Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ඒ් අමුතු සන්ධ්‍යාව

ඒ් අමුතු සන්ධ්‍යාව

About this book

ඊශ්‍රායලයේ කුඩා නගරයක විනෝද සමාජශාලාවකි. විනෝදයෙන් පිරි සන්ධ්‍යාවක් ගතකිරීමේ බලාපොරොත්තුවෙන් ප්‍රේක්ෂක පිරිසක් පැමිණ සිටිති. ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ දමමින්, විකට ශිල්පියකු වේදිකාව මත අසාර්ථක වී පුපුරා කඩා වැටෙනු ඔවුන්ට දැකගන්නට ලැබේ. එය ඔහුගේ තෝරාගැනීම මත සිදුවන්නකි. දොවාලේ ජී නැමැති ප්‍රවීණ, ආකර්ශණීය, අනපේක්ෂිත මෙන්ම කටුක උපහාසය ගෙනෙන හිටිවන විකට ශිල්පියා, ඔහුට බෙහෙවින්ම ආදරය කළ දෙදෙනාගෙන් කෙනෙකු තෝරාගැනීමේ බියජනක මෙන්ම වේදනාකාරී තීරණය ගන්නට සිදුවීමේ බර උසුලාගෙන වසර ගණනාවක් තිස්සේ තමා ජීවත් වූ අයුරු ප්‍රේක්ෂකයන් ඉදිරියේ හෙළිදරව් කරයි.

තමාව මෙන්ම තම ප්‍රේක්ෂකයාවද නිර්දය ලෙස පතුරු ගසමින් ඔවුන් තුළ පිළිකුල හා සහකම්පනය දනවන්නට සමත්වන්නේ සිනාසිය යුතුද ඇඬිය යුතුද යන ප්‍රශ්නාර්ථ දෙක මැද ඔවුන් සිර කරවමිනි. මේ සියල්ල සිදුවන්නේ, තමාව එතැනට කැඳවනු ලැබුවේ කුමක් නිසාදැයි වටහාගන්නට වැර දරණ ඔහුගේ ළමාවියේ මිතුරකු ඉදිරිපිටය.

Details
ISBN
9786246451356
පිටු ගණන (Pages)
239
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඒ් අමුතු සන්ධ්‍යාව

Reviews are published once a member of our team has read them.