මුළා මංසල
සැප්තැම්බර් 22 වන දින නිකුත් වීමට නියමිතයි. නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැක.
ඈට හන්දියේ රැජින මතක් වෙන්න ඇති. ඇගේ අම්මත් ඒ වගේ ගිනි කූටක අව්වේ, සීත කාලේ වැස්සේ හිටගෙන ඉඳිවි ද කියලා හිතෙන්න ඇති. ඇගේ බාල මල්ලියි නංගියි බලාගන්නෙ කවුද, තාත්තට වෙලාවට ප්‍රෙෂර් පෙති බොන්න මතක් කරන්නෙ කවුද?
එතකොට ඈට ඒක ඇහුණා. අකුණක බලය කැටිවුණ ඇඟිලි පහේ කම්මුල් පාරක්. ජෙල් කොණ්ඩකාරයා ඛෙරිහන් දුන්නා. උගේ කම්මුල රතුවෙලා. ඉස්සරහ වීදුරුවට කාර් එකේ වයිපර්වලින් කසපාර වැදුණා. වහල යෝධ අතක හැඩේට එබිලා ගියා. ඩ්‍රයිවර් ඇක්සලේටරේ පෑගුවට කාර් එක බිංදුවක්වත් ඉස්සරහට ගියේ නෑ; වාහනේ මඩේ එරුණා වගේ රෝද කැරකුණා එකතැන.
මිනිස්සුන්ට දිගටම ගුටිබැට වැදුණා. නොපෙනෙන ඇඟිලිවලින් උන්ගේ උගුරුදඬු හිරවුණා. කටවල්වලින් ලේ පැන්නා. කඳුළුයි හොටුයි මූණ දිගේ බේරෙන්න ගත්තා.
සමාවෙන්න, උන් කෙල්ලට කෑගහන්න ගත්තා. මේක නවත්තන්න. අනේ අපට සමාවෙන්න.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.