ඒ රිදුම කොයිතරම් නම් ඉමිහිරි ද
ඔහුගේ සමස්ත කාව්යාවලිය පුරාම දක්නට ලැබෙන පොදු සාධකයන් දෙකක් මම දකිමි. ඉන් පළමුවැන්න වන්නේ සෑම කවියකම පාහේ දක්නට ලැබෙන සන්සුන් නිවුන ස්වරයත් සමග බැඳි ශෝකී තානයයි. එහෙත් ඇවිලයාම ඇත්තේ ද ඒ නිවුන ස්වරයෙහිම ය. ඔහු ඉතා සැලකිලිමත් ලෙස තම කවියෙහි අරුත තීව්ර වන ආකාරයෙන් වදන් හසුරුවන්නේ කවිය බෙදා ගන්නා රසිකයාටද කවියාගේ හද රිදුම කෙලින්ම දැනී යන ආකාරයටය. ඒ රිදුමෙහි සමාන අත්දැකීම තුළින් ඔහු තම කවිය පොදු අත්දැකීමක් බවට පෙරළයි. දෙවන පොදු සාධකය වනුයේ මානව සබඳතාවන් බිඳ වැටීමේ ඛේදය මනාව ග්රහණය කර ගැනීමයි. මේ කවි සියල්ල තුළින්ම අඛණ්ඩව දිව යන හුයක් සේ එය රසිකයාට දැනෙයි. යුද්ධය, දේශපාලන සර්කස් සංදර්ශන, ආර්ථික අර්බුද, අන්තවාදයේ රණගොස මේ සියල්ල මැද තමාට අනෙකා මෙන්ම තමාවද මග හැරෙන මංසන්ධිය ගැන කවියා ඉතා දැනුවත්ය. එහෙයින්ම ඔහුගේ කවිය සමාජය පිළිබඳ දේශපාලන කියවීමක් බවද අපට අමතක කළ නොහැකිය.
චූලානන්ද සමරනායක
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.