Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / වංසක්කාරයෝ

වංසක්කාරයෝ

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

AN ENGLISH SENSATION NOVEL OF 1861 A VICTORIAN BEST - SELLER 

කාල්යිල් මහතා හා මවුන්ට් සවර්න් අර්ල්වරයා එක් දොරටුවකින් භෝජනාගාරයට ඇතුල් වෙද්දී, ඊට ප්‍රතිවිරුද්ධ දොරටුවෙන් තවත් අයකුගේ පිවිසීම සිදුවිය. මේ කිනම්........ කවරෙක් ද! විස්මයට පත් වූ කාල්යිල් මහතාට තම දෑස ඉදිරියේ දිස්වන රුව මිනිස් දුවකට අයත් ද නැතහොත් සුරඟනකට අයත් දැයි අදහාගත නොහැකි විය. 

සුන්දරත්වය යන වදන අබිබවා යන දුර්ලභ ගණයේ රූ සපුවක්, සිත්තරකුගේ මනසෙහි මැවී 

තෙලිතුඬින් ඇඳුණ සිත්තමක් බඳු රුවක්........ තාරුණ්‍යයේ අහිංසකත්වය දෝතින් දරාගත් තම රූබර දියණියන්ගේ අනාගත ඉරණම දැකීමට තරම් මතු දැක්මක් අර්ල්වරයා සතු වී නම්…

“ආකිබෝල්ඩ්, මම ඉන්නේ එහා ලෝකෙ එළිපත්ත උඩ. ඔයා මට ආශිර්වාද කරන්නෙ නැද්ද?........ මට මැරෙන්න ඉස්සෙල්ලා එක ආදරණීය වචනයක් කියන්නෙ නැද්ද? මම කවුද කියන එක මොහොතකට අමතක වෙන්න ඉඩ දෙන්න. පුළුවන් නම්, ඔයා විවාහකර ගත්තු අහිංසක ගෑනු ළමයා විදියට මා ගැන හිතන්න. එක ආදරණීය වචනයක්.........”

ඊස්ට් ලින්හි නිර්මාතෘවරිය වූ එලන් වුඩ්, අබ්රහස් බව හා කුතුහලය ගැබ් වූ කතන්දර ගෙතීමේ අපූර්ව හැකියාවකින් යුතු වූවා ය. නවකථා තිස් ගණනක් හා කෙටිකථා රැසක් ඇය අතින් ලියැවී ඇති අතර, 19 වන සියවස තුළ එම කෘති සඳහා විශාල පාඨක ඉල්ලුමක් පැවතිණ. විස්මයජනක ලෙස සාර්ථකත්වයට පත් වූ ඊස්ට් ලින් නම් නවකථාව භාෂා ගණනකට පරිවර්තනය වූවා සේ ම වේදිකා නාට්‍යයක් හා සිනමා කෘතියක් ලෙස ද ප්‍රේක්ෂකයන් අතරට පිවිසිණ.

ISBN
9789556562149
පිටු ගණන (Pages)
603
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වංසක්කාරයෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.