Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මුතු කරාබුව පැළැඳි යුවතිය

මුතු කරාබුව පැළැඳි යුවතිය

About this book
ලොව පුරා පාඨකයින් ගේ ඉමහත් ප්‍රසාදය දිනා ගනිමින්, රටවල් තිස් පහක භාෂාවන්ට පරිවර්තනය වූ GIRL WITH A PEARL EARNING, දහහත් වැනි සියවස මැද භාගයේ, නෙදර්ලන්තයේ සිතුවම් කලාවේ ස්වර්ණමය යුගයේ විසූ ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී යොහැන්නස් වර්මීස් ගේ (1632 ඔක්තෝම්බර් 31 - 1675 දෙසැම්බර් 15 ) චරිතය ඇසුරු කර ගෙන ලියැවුණු අතිශය මනරම් වූත්, ගුප්ත වූත්, විටෙක දරා ගත නොහැකි තරම් අනුවේදනීය වූත් ඓතිහාසික වටිනාකමකින් යුතු ප්‍රබන්ධ කතාවකි. වර්මීර් විසින් නිර්මාණය කරන ලද මාහැඟි සිතුවම් අතර ඇති මුතු කරාබුවක් පැළඳි නිර්නාමික යුවතිය ගේ සිතුවම මේ නවකතාවට පාදක වෙයි.

සිය පියාගේ දෑස් අන්ධ වීමෙන් පසු ඔවුන්ගේ පවුලට තිබූ එක ම ආදායම් මාර්ගය අහිමි වීම නිසා දහසය හැවිරිදි ග්‍රීට්ට, වර්මීර් ගේ නිවෙස් වෙයට යන්නට සිදු වෙයි. කලාත්මක දෑසක් හිමි ග්‍රීට් අහම්බයෙන් ඔහු ගේ අත්උදව්කාරිය බව ට පත් වන අතර, ඇය වර්ණ සහ ආලෝකය පිරුණු වර්මීර් ගේ ලෝකයට වඩාත් සමීප වෙයි.

ට්‍රේිසි ෂෙවලියර් විසින් ලියන ලද, අතිශයින් ජනප්‍රියත්වයට පත් මේ නවකතාව ඇසුරින් 2004 වර්ෂයේ දී එනමින් ම නිර්මාණය වූ චිත්‍රපටිය ද ඉමහත් පාඨක විචාරක සම්මානයට පාත්‍ර විය.

ISBN
9556522689
පිටු ගණන (Pages)
282
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මුතු කරාබුව පැළැඳි යුවතිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.