සදාදර රෝසි - 2
සදාදර රෝසි කතාවට පාදක වන්නේ කුඩා කාලයේ සිටම හොඳම යහළුවන් වූ රෝසි සහ ඇලෙක්ස් ය . සිය පියාට අලුත් රැකියාවක් ලැබීම නිසා දාහත් හැවිරිදි ඇලෙක්ස් ට අයර්ලන්තයේ ඩබ්ලින්වලින් පිටවී, රෝසිගෙන් වෙන් වී, ඇමෙරිකාවේ බොස්ටන්වලට යන්නට සිදු වෙයි.
ක්‍රමයෙන් වැඩි වියට පත්වන ඔවුන්ගේ ජීවිත, කාලය සහ අනේකාකාර සිදුවීම් විසින් දෙ අතක ගෙන යනු ලබයි. ඔවුන්ට ඔවුනොවුන් මගහැරී යයි. ඔවුනොවුන් කෙරෙහි ඇති ආදරය හෙළි නොකොර දශක ගණනාවක් ජීවත් වන්නට ඔවුන්ට සිදු වෙයි.
සදාදර රෝසි සම්පූර්ණයෙන්ම ලියා ඇත්තේ ලිපි, ඊමේල්, කාඩ්පත් සහ චැට් පණිවුඩ මාර්ගයෙනි. සාම්ප්‍රදායික කියවීමේ රටාවකට හුරු වී සිටින පාඨකයාට මුලදී එය කියවීම අමුතු දෙයක් මෙන් දැනෙනු ඇත. එහෙත් පොත ලියැවී ඇති නුහුරු ක්‍රමයට හුරු වී සිටින පාඨකයාට මුලදී එය කියවීම අමුතු දෙයක් මෙන් දැනෙනු ඇත. එහෙත් පොත ලියැවී ඇති නුහුරු ක්‍රමයට හුරු වූ විට සදාදර රෝසි හදවතේ සතුට, වේදනාව, සෙනෙහස ඇති කරවන කතාවක් බව ඔබට වැටහෙනු නොඅනුමානය. එය එතරම්ම හෘදයාංගම ලෙස ලියැවී ඇත.
මේ කතාවේ හාස්‍යයද අඩු නැත. හඬ හඬා සිනාසෙන්නට තරම් හාස්‍යජනක ලෙස එහි ලිපි, ඊමේල්, කාඩ්පත් සහ චැට් පණිවුඩ ඔස්සේ සිදුවන චරිත ගොඩනැගීම ඉතා මනහරය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.