Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ලූනු සහ කඳුළු
About this book

වසර දෙකකට ආසන්න කාලයක් මෙක්සිකෝවේ වැඩිම අලෙවි වාර්තා තැබූ සහ ඉන් පසු භාෂා තිස් පහකට පරිවර්තනය වී ලොව පුරා පිටපත් මිලියන හතර හමාරකට වැඩි අලෙවියකින් වාර්තා තබමින් ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ Como agua para Chocolate කලාතුරකින් කියවන්නට ලැබෙන, විරල අත්දැකිමක් ලබා දෙන අතිශය රමණීය ප්‍රේම කතාවකි.

ඩි ලා ගර්සා පවුලේ බාලම ගැහැනු ළමයා වන ටීටා, මෙක්සිකානු සම්ප්‍රදායට අනුව ඇගේ මව රැක බලා ගැනීම පිණිස නිවසට කොටු වෙයි. ආදරය සහ විවාහය සදාකාලිකව ඈට තහනම් වෙයි. ටීටා ගේ ආදරවන්තයා වූ පෙඩ්රෝ ඇගේ සහෝදරිය රොසයුරා සමඟ විවාහ වන අතර ඊළඟ වසර විසි දෙක පුරා ටීටා සහ පෙඩ්රෝ ඔවුන් ගේ ප්‍රේමයේ විවිධ බලපෑම්වලට හසු වෙති.

1989 වසරේ දී පළමු වරට ස්පාඤ්ඤ භාෂාවෙන් ලියැවුණු මේ නවකතාව ඇසුරින් 1993 දී නිර්මාණය වූ චිත්‍රපටය, මෙක්සිකානු චිත්‍රපට ඇකඩමිය විසින් පවත්වනු ලබන ඒරියල් සම්මාන උළෙලෙ දී සම්මාන 11 ක් දිනා ගත්තේ ය. ලෝරා එස්ක්විල් විසින් ම තිර රචනය කරන ලද ඒ චිත්‍රපටයට ජාත්‍යන්තර සම්මාන 18 ක් හිමි වූ අතර එය එක්සත් ජනපදය තුළ මෙතෙක් වැඩිම ආදායමක් ඉපයූ විදේශ චිත්‍රපටය ද වෙයි.

1994 වසරේ දී මේ නවකතාවට ඇමෙරිකානු ග්‍රන්ථ අලෙවිකරුවන් ගේ සංගමය විසින් ප්‍රදානය කරනු ලබන ABBY සම්මානය ද හිමි විය.

ISBN
9556522670
පිටු ගණන (Pages)
283
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. Gayashan
    Indika
    Gaya ·
Write a review

You're reviewing: ලූනු සහ කඳුළු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.