ඇද අකුරු
අජිත් සංජීව විසින් රචිත ‘ඇද අකුරු’ යොවුන් නවකතාව ලාංකීය යොවුන් සාහිත්‍යය තුළ මෙතෙක් වර්ධනය නොවූ ගැටළු නවකතාව (Problem Literature) නමැති ෂානරයට අයත් වේ. ගැටළු නවකතාව නව යොවුන් සාහිත්‍යයේ පැන නැඟි ලෝක ප්‍රවනතාවයකි. යොවුන් සාහිත්‍යයට ආවේණික වීර වික්‍රමාන්විත කතාන්දරයන් වෙනුවට යථාර්ථවාදී දැක්මක් සහිතව නව යොවුන්වියේ පසුවන දරුවන්ට අත්දැකීමට සිදුවන සංකීර්ණ ගැටළුකාරී තත්වයන් ස්පර්ශ කරමින් ඔවුන්ගේ ජීවන අත්දැකීම් මෙම ප්‍රවනතාව විසින් ඉදිරිපත් කෙරේ. එය ළමුන් සුරංගනා ලොවක මෙන්ම හුදු වීරත්වය තුළ ගිල්වා දමන පැරණි නව යොවුන් සාහිත්‍යයෙන් පැහැදිළිවම වෙනස්ය. මෙම ප්‍රවනතාව තවමත් අප රටට ආගන්තුකය.
නමුත් යථාර්ථවාදීව ජීවිතයට මුහුණ දීමේදී නවයොවුන් වියේ දරුවන්ට මුහුණ දීමට සිදුවන සැබෑ අභියෝගයන් මෙම ප්‍රවනතාව විසින් ග්‍රහණය කෙරේ. මෙම කෘතිය මගින් නාගරික දරුවකුගේ අත්දැකීම් වෙනුවට ගැමි දරුවකු මුහුණ දෙන කටුක අත්දැකීම් ඔස්සේ ඇති වන ජීවන අභියෝගයන් හා මානසික සංකීර්ණතා අජිත් සංජීව විෂය කොට ගනියි. එහිදී අපට නුපුරුදු එවන් ගැමි පරිසරයක වෙසෙන ගැමි දරුවකුගේ ලෝකය, ඔහුගේ සුවිශේෂ ප්‍රාදේශීය ජීවන අත්දැකීම් සමඟ ඉදිරිපත් කරයි.
කේ. කේ. සමන් කුමාර
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.