ඇද අකුරු

Special Price රු. 270.00 Regular Price රු. 300.00
Out of stock
SKU
eda-akuru-ajith-sanjeewa-arkha-prakashana

අජිත් සංජීව විසින් රචිත ‘ඇද අකුරු’ යොවුන් නවකතාව ලාංකීය යොවුන් සාහිත්‍යය තුළ මෙතෙක් වර්ධනය නොවූ ගැටළු නවකතාව (Problem Literature) නමැති ෂානරයට අයත් වේ. ගැටළු නවකතාව නව යොවුන් සාහිත්‍යයේ පැන නැඟි ලෝක ප්‍රවනතාවයකි. යොවුන් සාහිත්‍යයට ආවේණික වීර වික්‍රමාන්විත කතාන්දරයන් වෙනුවට යථාර්ථවාදී දැක්මක් සහිතව නව යොවුන්වියේ පසුවන දරුවන්ට අත්දැකීමට සිදුවන සංකීර්ණ ගැටළුකාරී තත්වයන් ස්පර්ශ කරමින් ඔවුන්ගේ ජීවන අත්දැකීම් මෙම ප්‍රවනතාව විසින් ඉදිරිපත් කෙරේ. එය ළමුන් සුරංගනා ලොවක මෙන්ම හුදු වීරත්වය තුළ ගිල්වා දමන පැරණි නව යොවුන් සාහිත්‍යයෙන් පැහැදිළිවම වෙනස්ය. මෙම ප්‍රවනතාව තවමත් අප රටට ආගන්තුකය.

නමුත් යථාර්ථවාදීව ජීවිතයට මුහුණ දීමේදී නවයොවුන් වියේ දරුවන්ට මුහුණ දීමට සිදුවන සැබෑ අභියෝගයන් මෙම ප්‍රවනතාව විසින් ග්‍රහණය කෙරේ. මෙම කෘතිය මගින් නාගරික දරුවකුගේ අත්දැකීම් වෙනුවට ගැමි දරුවකු මුහුණ දෙන කටුක අත්දැකීම් ඔස්සේ ඇති වන ජීවන අභියෝගයන් හා මානසික සංකීර්ණතා අජිත් සංජීව විෂය කොට ගනියි. එහිදී අපට නුපුරුදු එවන් ගැමි පරිසරයක වෙසෙන ගැමි දරුවකුගේ ලෝකය, ඔහුගේ සුවිශේෂ ප්‍රාදේශීය ජීවන අත්දැකීම් සමඟ ඉදිරිපත් කරයි.

කේ. කේ. සමන් කුමාර

Author අජිත් සංජීව - Ajith Sanjeewa (1)
Publisher අර්ක ප්‍රකාශන - Arkha Prakashana (1)
More Information
ISBN 9789553635006
පිටු ගණන 127
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ඇද අකුරු
Back to Top