Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හඳුනාගත්තොත් ඔබ මා

හඳුනාගත්තොත් ඔබ මා

About this book

එම වීදුරුව රිචර්ඩ්ට දුන් මම ඔහු අසලින්ම වාඩි වී මගේ වයින් වීදුරුව සෙමින් තොල ගෑවෙමි. උගුරු කීපයක් පානය කළ ඔහුගේ මුහුණේ ඉරියව් මදින් මද අපහසුතාවකින් පෙළෙන ලක්ෂණ පෙන්නුම් කරනු මට හොදින් දිස්විය. එම ඖෂධය ක්‍රියාත්මක වීමට ගතවන කාලය මම දැන සිටියෙමි. ඔහු අසලින් වැතිරගත් මම සෙමෙන් ඔහුගේ පපූ පෙදෙස පිරිමදින්නට වූයෙමි.

"ඔයා දන්නවද ඔයා මොනවද දැන් බිව්වෙ කියලා....?"
මා ඇසුවේ අහිංසක ස්වරයෙනි.

ඔහුගේ දෙනෙත් විශාල වී තිබූ අතර දෙකන්සෙන් දහඩිය වැල් ගලා යමින් තිබුණි.

"දන් නෑ නේද.... ඒකට කියන්නෙ 'ඇකනයිට්' කියල... ඒක ටිකෙන් ටික ඔයාගෙ ඇඟ ඇතුල විනාස කරනව... අවයව එකින් එක අක්‍රිය වෙනව.... අන්තිමටම මෙතන...."
මා පැවසුවේ ඔහුගේ පපුවේ වම්පසට ඇඟිල්ලක් තබමිනි.

ඔහු කථා කිරීමට තැත් කළත් මුවින් වදන් පිට නොවූ අතර ඔහු හුස්ම ගත්තේ ද ඉතා අපහසු අයුරිනි. ඔහුගේ දෑසින් කඳුළු වැල් ගලා හැළුණේ, කඳුළුත්, දහඩියත් මුසුව මුහුණේ රටා මවමිනි.

"දන්නවද මං ඇයි එහෙම කළේ කියලා.....?"

ISBN
9789556779059
පිටු ගණන (Pages)
250
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හඳුනාගත්තොත් ඔබ මා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.