රත්තරං පුතෙක්
මීට දශකයකට පමණ පෙර සුමනසිරි පන්නිලහෙට්ටි ලේඛකයා මා හැඳින ගත්තේ කවියකු හා කෙටිකතාකරුවකු වශයෙනි. එම ක්ෂේත්‍ර දෙකෙහිම මනා පරිචයක් දක්වන සුමනසිරි මේ වන විට කාව්‍ය සංග්‍රහ හතරක් හා කෙටිකතා කෘති තුනක් සාහිත්‍ය ලෝකයට පිරිනමා තිබේ. ඔහුගේ ‘ගමන’ නමැති කෙටිකතා එකතුව 2010 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ අවසන් වටයට නිර්දේශ වීම ද නිර්මාණශීලී ලේඛකයකු වශයෙන් ඔහු ඇගයීමට ලක් වූ අවස්ථාවක් හැටියට සැලකීමට පුළුවන. ‘රත්තරං පුතෙක්’ නම් යොවුන් නවකතාව මගින් යෞවන සමාජය ආමන්ත්‍රණය කිරීමට ද සුමනසිරි ඉදිරිපත් වීම පිළිබඳව මම සතුටු වෙමි. අපේ යොවුන් පරපුරේ මනැස් විකෘති කරන අධම බලවේග හිස ඔසවමින් පවතින මෙවන් සමයක සුමනසිරි පන්නිලහෙට්ටිගේ ‘රත්තරං පුතෙක්’ යොවුන් ප්‍රබන්ධය ශ්‍රී ලාංකික යෞවන ප්‍රජාවට නිවැරදි මඟ පෙන්වන මාලිමාවක් බවට පත් වේවායි ප්‍රාර්ථනය කරමි.
කමල් පෙරේරා
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.