එක රුව දෙහදක නතර වෙලා

Special Price රු. 855.00 Regular Price රු. 950.00
Out of stock
SKU
eka-ruwa-dehadaka-nathara-wela-wathsala-karunarathna-sankha

“මේ මගේ කෙල්ල මචං… මගේ ජීවීතේම වුණ කෙල්ල… ඒකියි දරුවයි මගේ යාළුවා වුණත්… මගේ ජීවිතේ රැඳිලා තියෙන්නෙත් එතන කිව්වොත් හරි මචං”

“ඕ. කේ.. බය වෙන්න එපා”

“මට මගේ කෙල්ල ඕන මචං… මම දන්නවා ඒකි අවදානම් තත්වයක ඉන්නේ කියලා” දිලේෂට ඉකි ගැසිණි.

“අපි අන්තිම මොහොත වෙනකල් උත්සාහ කරමු දිලේ.. බැරි වෙන එකක් නැහැ… අධිෂ්ඨාන කර ගනින්… මේ අත් වලින් ජීවිත කීයක් අපි බේරගෙන තියනවද… ඒ පින් අපිට තියනවා”

“උඹ සීසර් එක කරපන් මචං… මම ළඟ ඉන්නම්… මට ඒකිගේ ඇඟට බ්ලේඩ් එකක් තියන්න බැහැ”

“ඇයි… රිදෙයි කියලද… දැනෙන්නේ නැහැ කියලා අමතක වුණාද”

“අමතක නැහැ… ඒත් මට ඒක කරන්න බැහැ… මම ඒකිට රිද්දලා තියන තරම වැඩිත් එක්ක”

“හරි.. හරි.. ඕන මඟුලක්… එහෙනම් උඹ ඔතෙන්නට වෙලා ඕකිඩ් ඉඹ ඉඹ බඳපන්… අපි මේ වැඩේ කරන්නම්.. ළමයි.. හරි අප්” ඔහු සියල්ලන් සිනහා ගැන් වූවේය.

දිලේෂ කඳුළු පිරි දෑසින් ඒ සුන්දර වත දෙස බලා සිටියේ ඇසිපිය නොහෙලයි. ඔහු ඇයගේ හිස අත ගාමින් විටින් විට ඒ වත සිප ගනිමින් සිටියේ ඇය කෙරෙහි වූ දැඩි ලෝභකමකිනි.

“ආදරෙයි රත්තරන් මම එදා වගේ නෙවෙයි… එදාටත් වඩා..” ඔහු මිමිණීය.

Author වත්සලා කරුණාරත්න - Wathsala Karunarathne (20)
Publisher සංඛ ප්‍රකාශකයෝ Sankha Publishers (59)
More Information
ISBN 978624526045
පිටු ගණන 480
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:එක රුව දෙහදක නතර වෙලා
Back to Top