පිනි වැස්සක්
නැවතත් උණුසුම් සුසුමක් දිග කෙහෙරැල් අතර සැඟවිණ. ප්‍රේමය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළ මිනිසුන්ද ප්‍රේමය වෙනුවෙන් කිරුළ අතහැරි කුමාරවරුද මෙතෙක් සිටියේ ඉතිහාසය තුළ පොත් පිටු අතර පමණි. ප්‍රේමය වෙනුවෙන් මිනිසෙකුට මේසා පරිවර්තනය විය හැකි බව හෝ මේසා කැපවිම් කළ හැකි බවක් විහංගා දැන සිටියේ නැත.
මනුෂ්‍යයෙකු ලෙස ඉපිද පිරිහී ගිය ආත්මයක් සමග අතහැරි යමින් තිබූ ජීවිතය ඒ සිහින් ඇගිළිතුඩුවලින් අල්වාගත් දා සිට කෙමෙන් කෙමෙන් ආලෝකය කරා ගමන් කළ ආකාරය ඔහුට සිහිපත් විය. කිසිදා නීතිරීති ඇණුම් බැණුම් නොතිබූ බැඳීම තුළ තම හිස් වූ ආත්මය පිරෙන්නට ලබාදුන් සෙනෙහස ඇය සතු එකම අවිය විය.
''රාධි... කියන්න දෙයක් තියනවා''
එක්වරම දැනුණු තිගැස්ම මද සිනහවක රඳවා ගත් ඇය බැල්මකින් ඔහුට දිරි දුන්නාය. පැවසීමට යන්නේ සුභදායී දෙයක් නොවූවද ඒ සියල්ල ඇසීමට තමා සතු ධෛර්යය යම්තාක් දුරකට හෝ ප්‍රමාණවත්ය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
-
About this beautiful bookAfter reading so many Sinhala and English books. I’ve become attached to this book so much, I keep reading it several times and still want to read it again and again. Thanks Thanushika. Wish you all the best
-
★★★★★ පිනි වැස්සක්ගොඩාක් ලස්සන පොතක් ❤️❤️❤️ අනු ❤️ රාධි
-
WarnassoriyaBest writer