Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / ඇස් දොළහක් හය විදිහක්

ඇස් දොළහක් හය විදිහක්

About this book

ඔහු බලන බැල්ම, හෙළන කැල්ම කොළඹට ඓන්ද්‍රීය වන්නේ වෙයි. " ඇස් දොළහක් භය විදිහක්” උසුලා දරාගෙන සිටින එක් විශේෂිත කරුණක් වන්නේ කොළඹ කේන්ද්‍රීය සාහිත්‍ය - කලා - සංස්කෘතික පරිණාමනයේ හරස්කඩක් උපුටාලට කවියා සමත්ව තිබීමයි. මේ වනාහි අවම වශයෙන් දශක හතරක් පුරා ඔහුගේ අබන්ඩ, අවිච්ඡින්න සංස්කෘතික රස්තියාදුවෙහි අතිරික්තය යි. සංස්කෘතික සමාජයට අමතක වුණු හෝ ස්වයංව අතුරුදන් වුණු හෝ ස්වයංව අවතැන් වුණු සංසිද්ධි හා සංසිද්ධිකයන් සරත්චන්ද්‍ර වල්පොල සහෘදයාට අභිමුඛ කරයි. එසේම නූතනත්වය විසින් කවියට ගෙන

දෙනු ලැබූ අනුපම නිදහස' එයාකාරයෙන් ම භුක්ති විදීමට ඔහු පැකිලෙන්නේ නැත. සමාජ සංසිද්ධීන් දෙස නූතනවාදී ඇසකින් බැලීමට ඔහුට ධෛර්යය හිමි වී තිබෙන්නේ. ඔහු කොළඹියෙකු වන නිසා ය. සුළුතරයන්ගේ පීඩාව, ආන්තිකරණයට ලක් වූ මිනිසුන්ගේ සුසුම දේශපාලනික මාත්‍රාවෙන් අල්ලා ගන්නට ඔහුට හැකි වන්නේ එබැවිනි.

ISBN
9786245841363
පිටු ගණන (Pages)
104
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඇස් දොළහක් හය විදිහක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.