Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book

ගවේෂණශීලී සංගීත යුග යාත්‍රිකයා

නාද, තාල, වර්ණ, රේඛා රිද්මය හොඳින් හඳුනන හෙතෙම, සමාජ සාධාරණය, සමාජ සංවර්ධනය, නීතිය, යුක්තිය, විනය, ධර්මය කෙරෙහි නොපැකිල පෙනී සිටින මානව හිතවාදියෙකි. සුදුසු තැන, සුදුසු පරිදි ජන මණ්ඩලයේ අභ්‍යුදය පතා තනුව, සංගීතය සංයෝජනය කරනු ලබන පිළිබා සවිය, ගුණ නුවණ, පිරිපුන් වාසනාව පළට කළ සංගීතවේදියෙකි. ශ්‍රැති මාතා, ලය පිතා යන්න ඔහුගේ සිත කයෙහි රසෝජා උල්පත් නංවයි. සංගීත රත්නාකරය විස්තර කරන මනාකොට ස්වර පිහිටීම, රසවත්වීම, රාගාත්මකවීම, මිහිරි අකුරින් යුතුවීම, අලංකාරවත් වීම හා ප්‍රමාණය යන ෂඩ්විධ ගීත ලක්‍ෂණ ඔහු වෙතින් ප්‍රත්‍යක්‍ෂයි. ප්‍රාසංගික සුභාවිත ගීතය විචිත්‍ර සුගීතයක් වන රසායනය චිකිත්සාව ඔහු පිරිසිඳ දනියි. ගීතය, සංගීතය හා සම්බන්ධ වූ ධ්වනිය ස්වර රචනාව, වාදනය, ඔවිත්‍ය පූර්ණ සංකලනය දන්නා ඉසියුම් හැඟීම් රස වේදයිතයන්හි විස්මය මතු කැරෙන චමත්කාරය උත්පාදනයෙහි ලා ඔහු නිපුණයෙකි. ජන, ගැමි, ජනකාන්ත, සුභාවිත ඈ සංගීත කලාවේ රත්න නවයක් ඇතිනම් එම නවරත්නය ඔහු සතුයි. එම නිධානය ප්‍රේක්‍ෂකයන්ගේ, ශ්‍රාවකයන්ගේ ජීවන මිහිර අර්ථ සම්පාදනය කෙරෙහි මැ උපයෝගී කළ අපූර්ව වස්තු නිර්මාණය කිරීමේ ධී ශක්තියෙන් හෙබි සත්පුරුෂයකු වූ කල්‍යාණ මිත්‍ර සම්පත්තියෙන් යුක්ත නවරත්න ගමගේ සුවහසක් සුළවතුන්ගේ සුබාසී සෙත් පැතුම් ලැබීමට අත්‍යන්තයෙන් සුදුසු වන්නේය.

-මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර-

ISBN
9786242041629
පිටු ගණන (Pages)
195
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නවා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.