ෆර්නියර්
හිස සැලූ තියා වෙරළේ එක් කෙළවරක් දෙස බැලූවාය. ඇගේ බාල සහෝදරයාත්, සහෝදරියත් සියෝන්ගම් වටා දුවමින් ඔහුගේ කරේ නගිමින් සිනහවෙමින් සිටි අතර මේ දෑවැන්ත වූත් රෞද්ර වූත් බීටා ෆර්නියරයා කුඩා දරුවෙකු පරිද්දෙන් මහ හඩින් සිනහ වෙමින් හිඳියේය. සෙත්,තියා බැලූ දෙස බැලූයේ මුවට සිනහවක් නගා ගනිමිනි.
“අවුරුදු හයසීයකින් මෙපිට මම ඒ හිනාව අභලා නෑ” සෙත් පැවසීය.
“කොහොමද මනුස්සයෙක් ඒ තරම් කාලයක් හිනා නොවී ඉන්නෙ ?“ තියා හිල්ලිය.
"හොදයි" සෙත් පැවසීය."අංක එකටම අපි මිනිස්සු නෙමෙයි. ඒ වගේම සියෝන් කියන්නෙ ලස්සන කතාවක අයිතිකාරයෙක් නෙමෙයි” සෙත් දෑත් සාක්කුව තුල රුවා ගනිමින් පැවසීය.
"මට සතුටුයි ඔයාලා අපිත් එක්ක ඉන්න එක ගැන” තියා පැවසීය."මම පසුතැවෙන්නෑ මගේ තීරණය ගැන. මම මගේ තාත්තා පටන් ගත් දේ ඉවර කරන්නම්. මම ඒක හොයා ගන්නම්" ඈ අධිෂ්ඨානශීලීව පැවසීය. “අපි ඒක හොයමු" සෙත් ඈ නිවැරදි කළෙන් ඈ සිනහවක් නැගුවාය.
‘“ඔව් දුෂ්ඨ ඇල්ෆා ෆර්නියරයෝ, අපි ඒක හොයා ගමු.දෑන්
එන්න, අපිට ඒක විවෘත කරන්න වෙනවා”.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.