ෆස්ට් ක්ලාස්
ප්‍රවීණ ලේඛිකා පවිත්‍රා රූපසිංහ විසින් රචිත ‛ෆස්ට් ක්ලාස්’ අවසානයේදී සමාජය අතිශයින් බරපතළ හා විවාදාපන්න තැනකට කැඳවයි.
එය නම් පිළිගත් ආචාර ධර්මවලින් පරිබාහිරව ආන්තික හා අවමානව ක්‍රමෝපායන් මඟින් ඉලක්ක ජයගැනීම දක්වා යන පුද්ගල හෝ සමාජ සංස්ථාවකට අත්විය හැකි සංකීර්ණවූත්, ඛේදනීය වූත් ඉරණම පිළිබඳවය.
විශ්වවිද්‍යාල අධ්‍යයන පරිසරය තුළ පළමු පෙළ සාමාර්ථයක් පිළිබඳ එක් තත්ත්වාකාර යථාර්ථයක් වෙත ආචාර්ය ප්‍රජාව මෙන්ම ශිෂ්‍ය ප්‍රජාව අභිමුඛ කරන ප්‍රබල නිරූපිතයකින් මෙහි මූලික ප්‍රවාදය සංගෘහිතය.
මානව සමාජයක අන්තර් පුද්ගල වේෂ්ඨාවන් පිළිබඳ පළල් කියවීමකට පිළිපන් මෙම කෘතියෙහි ඇති මනකල් ලක්ෂණය නම් ‘ෆස්ට් ක්ලාස්' නවකතාවක වපසරිය ඉක්මවා ගිය සංයුක්ත සිනමා ප්‍රවේශයක හා ප්‍රයානයක හැඩතල ගැනීමය.
පුවතට අදාළ පරිච්ඡේද විකාශනය කෙරෙන්නේ තාක්ෂණික වශයෙන් තීරණාත්මක සංස්කරණ රටාවකට අනුයාතවය. එමෙන්ම සංදර්භයෙහි උච්චාවචනයන් පිහිටුවන තලමාන හැමවිටම පරිමිත ඡේදනවලින් සමුපේතය.
එමෙන්ම සන්දර්භීය වශයෙන් මෙහි වස්තූන් හා සිදුවීම් අතර පර්යාලෝකය (perspective) ගණිතමය පරාසයක පිහිටුවන ලේඛිකාව ඒ ඔස්සේ තේමාව සිනමා ආඛ්‍යානමය රූපාවලියකට සහසම්බන්ධ කරන්නීය. තේමාවේ සමස්තය දෘෂ්ඨිවාදී කියවීමකට යටත් කෙරෙන අතරම ‛ෆස්ට් ක්ලාස්' නවකතා කෝෂය තුළින් හැම මොහොතකම මතුපිටට චීන ජීවිත රූපාවලියකින් සමන්විත නිර්මාණ පැවැත්මක් පාඨකයාගේ නැණැස මත හෘදය සංවේදීව පතිත කරනු ද දිසේ.
ඒ අනුව පවිත්‍රා රූපසිංහ විසින් රචිත මෙම කෘතිය තිරපිටපතක් දක්වා මතු නොව තත් විෂය පිළිබඳ ප්‍රශස්ත සිනමා නිර්මාණයක් දක්වා ප්‍රවර්ධනයට වඩාත් උචිත බව කිව හැකිය.
විමලනාත් වීරරත්න
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.