Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ෆ්‍රැන්කන්ස්ටයින්

ෆ්‍රැන්කන්ස්ටයින්

ප්‍රවර්ග (Genre): Fiction - ප්‍රබන්ධ
About this book

ස්විස් ජාතික භෞතික විද්‍යාඥයකු වූ වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින් මානව වර්ගයාගේ අභිවෘද්ධිය උදෙසා විද්‍යාත්මක පර්යේෂණයන්හි යෙදෙන්නේ, මිනිස් සිරුරු කොටස් එකතු කර කෘතිම මිනිසකු නිර්මාණය කරයි. එහෙත් අසාමාන්‍ය දැවැන්ත සිරුරකින් හෙබි කෘතිම මිනිසා ජීවය ලබන්නේ ඉතාමක් විකෘති, විකාර, විරූපී, බියකරු, පිළිකුල් සහගත භූතයකු ලෙසය. ෆ්‍රැන්කන්ස්ටයින් මේ බියකරු මිනිස් රකුසාගෙන් පලා යයි.

සිය විරූපී විකෘති බියකරු රූපයට බියෙන් සිය මැවුම්කරු විසින් සහ මිනිස් සමාජය විසින් ප්‍රතික්‍ෂේප කරනු ලබන භූතයා සිය මැවුම්කරුගෙන් පලිගැනීමට ගන්නා එක් එක් පියවර නිසා ෆ්‍රැන්කන්ස්ටයින් අන්ත දුක්ඛිත අසරණ කාලකණ්ණි බිහිසුණු අත්දැකීම් වලට මුහුණ දෙන හැටි විස්තර කෙරෙන මෙම ත්‍රාසජනක විචිත්‍රාද්භූත විද්‍යා ප්‍රබන්ධ කතාව, විද්‍යාව තුළින් මනුෂ්‍යත්වයේ ස්වභාවික සීමාවන් ඉක්මවා යාමට තැන් කිරීමේදී ඇති විය හැකි අනිටු විපාක ලොමු ඩැහැගන්වන අයුරින් ගෙනහැර දක්වයි.

මිහිරි සුන්දර පවුල් ජීවිතයක අගයත්, සමාජ සාධාරණත්වයත්, මානව දයාවත්, සමකාලීන විද්‍යා හා සමාජ දර්ශනයත් මිනිස් හැඟීම් පිළිබඳ විස්තීර්ණ විග්‍රහයත්, සම්භාව්‍ය සාහිත්‍යමය ආභාෂයත්, මිනිස් ස්වභාවය පිළිබඳ මූලික සිද්ධාන්තයන්ගේ හරයත් සංකලනය කර 1818 දී මේරි ෂෙලී විසින් ලියන ලද “ෆ්‍රැන්කන්ස්ටයින්” විශ්ව සදාචාරයේ අගය දක්වමින් ඓශ්චර්යමත් පසුබිමක් මත ගොඩ නංවන ලද කාල්පනික විචක්‍ෂණ භාවයේ ප්‍රතිරූපයක් ලෙසද, සම්භාව්‍ය විශ්ව සාහිත්‍ය ආරම්භයේ ශ්‍රේෂ්ඨ ශෝකාන්ත කාව්‍යයක් ලෙසද අමරණීය ස්ථානයක් දිනා ඇත. මනා සංයමයකින් යුතුව හසුරුවන ලද ඉංග්‍රීසි බසින් ලියන ලද "ෆ්‍රැන්කන්ස්ටයින්” විචිත්‍ර, ව්‍යක්ත, ආකර්ශණීය රචනා ශෛලියකින් අලංකාර වී ඇත. ඉංග්‍රීසි කෘතියේ සියලු ගුණාංග ඒ සැටියෙන්ම පිළිබිඹු වන සේ එහි සම්පූර්ණ අසංක්‍ෂිප්ත පරිවර්තනය මෙසේ ප්‍රකාශයට පත් වේ.

Details
ISBN
9789556862485
පිටු ගණන (Pages)
318
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ෆ්‍රැන්කන්ස්ටයින්

Reviews are published once a member of our team has read them.