ෆූ-මන්චූ ආපසු එයි
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය මතින් හිරු බැස යමින් තිබෙන විට, පෙරදිග නපුරේ නියෝජිතයෙක්, කයිරෝ, ලන්ඩන් සහ ඒ අතර වූ වෙනත් නගරයන්හි සැරිසැරීමට පටන්ගනී. මියගියේ යැයි සැලකෙන මහා මොළකරු ෆූ-මන්චූ, තවමත් ජීවතුන් අතර සිටින බවත්, ඔහු නැවතත් සිය කුරිරු ක්‍රියාවලිය අරඹා ඇති බවටත් සලකුණු මතු වේ.
ෆූ-මන්චූගේ සංකීර්ණ ඝාතන උත්සාහයන් සහ බිහිසුණු උගුල්වලට මුහුණපාමින්, ඔහු විසින් එවනු ලබන මාරක සතුන් හා ගැටෙමින්, නියෝජිත ඩෙනිස් නේලන්ඩ් ස්මිත් ඇතුළු පිරිස නැවතත් සටන් වදිති. ෆූ-මන්චූ පැරදවීමේ අභියෝගය පමණක් නොව, ඔහු විසින් පැහැරගෙන යන ලදුව මතකය මකාදමා තම රැකවලෙහි තබාගෙන සිටින ඊජිප්තු සුරූපිනිය ගලවාගැනීමේ අභියෝගයද ඔවුන් මත පැවරෙයි.
උද්වේගයත්, කුතුහලයත් පිරි ත්‍රාසජනක කතා මාලාවක, දෙවැනි දිගහැරුම කෙබඳු වේද?
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.