ගැබිනි මවට අත්වැලක්
නාරි හා ප්‍රසවවේද විශේෂඥ වෛද්‍ය විජිත් විද්‍යාභූෂණ මහතා බණ්ඩාරවෙල හාන්ත තෝමස් විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා ඌව දිස්ත්‍රික්කයෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් හිමි කරගෙන කොළඹ වෛද්‍ය පීඨයට ඇතුළු විය. එහිදී මූලික වෛද්‍ය උපාධිය ලබා අනතුරුව පශ්චාත් උපාධියද දිනාගත් හෙතෙම ප්‍රසවවේදයේ පාරධ්වනි(අල්ට්‍රාසවුන්ඩ්)අධ්‍යයන කටයුතුවලට වැඩි උනන්දුවක් දැක්වීය. ඉන්පසු එංගලන්තයේ නිව්කාසල්හි වොන්ඩ්ස්බෙක් රෝහලෙනුත් කාලයිල්හි කම්බලන්ඩ් රෝහලෙනුත් වැඩිදුර පුහුණුව ලබා එංගලන්තයේ නාරි හා ප්‍රසවවේද රාජකීය විද්‍යලයෙන් පශ්චාත් උපාධිය හිමි කරගත්තේය. එම විද්‍යාලයෙන්ම පාරධ්වනි උසස් ඩිප්ලෝමාවද දිනා එම ඩිල්ලෝමාව හිමි කරගත් ප්‍රථම ශ්‍රී ලාංකි වෛද්‍යවරයා වීමේ භාග්‍යයද ඔහු උදා කර ගත්තේය.
ශ්‍රී ලංකාවේ විද්‍යුත් සහ මුද්‍රිත ජනමාධ්‍යයන් මගින් නාරි හා ප්‍රසවවේදය පිළිබඳ නිතර ජනතාව දැනුවත් කරමින් සැත්කම් පවා විස්තරාත්මකව ගෙන හැර දක්වමින් කරන සේවයට ඔහු මානව සරණ සම්මානයන්ද පිදුම් ලැබුවේය. රෝහල් ගණනාවක සේවය කරමින් අත්දැකීම් සපිරි විශේෂඥ වෛද්‍ය විජිත් විද්‍යාභූෂණ මහතාගේ උපදෙසින් සෞඛ්‍ය සම්මාන රැසකින් පිදුම්ලත් මාධ්‍ය වේදිනියක වන චම්පිකා දීපානී රණසිංහගේ සංස්කරණයෙන් බිහි වූ ගැබිණි මවට අත්වැලක් නම් වූ මෙම කෘතිය මවු පදවිය පතන සෑම කාන්තාවකටම සැබෑ සුව අත්වැලකි. ගැබිනි වියට අදාළ සියලු විෂයයන් සවිස්තරව දැක්වෙන මේ කෘතිය මගින් කාලීනඅවශ්‍යතාවක් වගකීමෙන් යුතුව සපුරා තිබේ.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.