ගඩාෆි ඔබ අමතයි!
‛ගඩාෆි ඔබ අමතයි !' කෘතිය අනුර බී. සෙනෙවිරත්න ලේඛකයා, සිංහලයට සංස්කරණය කරන්නේ ගඩාෆිගේ දේශපාලන දර්ශනය එදාටත් වඩා අදට අත්‍යවශ්‍ය අවස්ථාවක ය. අනුර එය සවිංඥානිකව හෝ අවිංඥානිකව කළත්, එය හුදු ගඩාෆිගේ ඉතිහාසය ආවර්ජනයකට වඩා වර්තමානයේ දී මානව වර්ගයා මුහුණ දී ඇති ගැඹුරු අර්බුද අවබෝධ කර ගැනීම සඳහාත්, එම අර්බුදවලින් මිදීමට ප්‍රගතිශීලී සහ මානවවාදී අදහස් වර්ධනය කර ගැනීම සඳහාත්, දේශීය වශයෙන් පවා අවශ්‍ය සමාජ සංවර්ධනය පිළිබඳ සංකතිකාවක් ගොඩනගා ගැනීම සඳහා අවශ්‍ය පසුබිමක් නිර්මාණය කර ගැනීම සඳහාත් යොදාගත හැකි බව අපගේ අදහස යි. මේ නිසා මේ යුගයේ ගඩාෆි කියවා ගැනීම සඳහා අනුර විසින් අප සිංහල පාඨකයා මෙසේ යොමු කරනු ලැබීම වර්තමානයේ අප ද, රටක් වශයෙන් ජාතියක් වශයෙන් මුහුණ දී ඇති අර්බුද සහ අභියෝග අවබෝධ කර ගැනීමට අතිශය වැදගත් වේ.
මහාචාර්ය ටියුඩර් වීරසිංහ
ශ්‍රීපාලි මණ්ඩපය
කොළඹ විශ්වවිද්‍යාලය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.