Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ගාඩි ජන වත

ගාඩි ජන වත

About this book

කෘතහස්ත ලේඛකයෙකු හා පරිණත පරිවර්තකයෙකු වශයෙන් සිංහල සාහිත්‍යයට හා සංස්කෘතියට නොමඳ දායකත්වයක් ඉටු කරන චන්ද්‍රශ්‍රී රණසිංහ මහතා විසින් රචිත ගාඩි ජන වත නම් වූ කෘතිය ඒ මහතා විසින් පරිවර්තනය කරන ලද එම්. ඩී. රාඝවන්ගේ Handsome Beggers: The Story of the Ceylon Rodiyas යන කෘතියට ලියන ලද පරිකථාවක් බඳුය. මෙම කෘතිය මඟින් රොඩී ජනතාවගේ ප්‍රභවය හා ඔවුන්ගේ සංස්කෘතියේ ප්‍රධාන ලක්ෂණත්, එසේ ම වර්තමානයේ ඔවුන් මුහුණපා ඇති අභියෝග ගැනත් අවධාරණය කෙරෙන අතර එය මානව හා සමාජ විද්‍යාත්මක වටිනාකමක් පිළිබිඹු කරන්නක් ලෙස ද සැලකිය හැකිය.

මහාචාර්ය බී. ඒ. ටෙනිසන් පෙරේරා

අටළොස් කුල ධුරාවලියේ පත්ලට ම තල්ලු වී ගිය ගාඩි (රොඩී) ජන සංහතිය පිළිබඳව සමාජ විද්‍යාත්මක මැදහත් විමර්ශනයකි, ගාඩි ජන වත. චන්ද්‍රශ්‍රී රණසිංහයන්ගේ මෙම ගාඩි ජන වත කෘතිය එම්. ඩී. රාඝවන්ගේ Handsome Beggers: The Story of the Cylon Rodiyas කෘතියට ඌණපූරණ විවරණයක් වනු සේය. විදේශීය ජනකතා පරිවර්තනය කරමින් පාඨක සම්භාවනාවන්ට පාත්‍ර රණසිංහයන්ගේ පරිවර්තන බුහුටිකමට රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පරිවර්තන කෘති සඳහා දෙවරක් ම පිදුම් ලැබීමට තරම් සුදුස්සෙකු වීම ම දෙස් දෙන්නකි. රණසිංහයන්ගේ සාහිත්‍ය විවක්ෂණශීලිත්වයේ ගැඹුර චක්‍රාකාරයෙන් පසක් කර ගැනීමට මොහුගේ පස්විසි කෘතිය වන මෙම ගාඩි ජන වත පරිශීලනය කළ යුතු මනාය. චන්ද්‍රශ්‍රී රණසිංහ වියතාණන්ගේ මෙවන් අනභිභවනීය කෘති තවත් ඇසුරු කරුමට අපි පිනැත්තෝ ම වෙත්වා මතු මත්තේ.

ජනශ්‍රැතිවේදී
කේ. බී. මානෑව

ISBN
9789553039637
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. ගාඩි ජන මත
    ගාඩි ජන මත
    Thilanka ·
Write a review

You're reviewing: ගාඩි ජන වත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.