ගයිගර් දුටු ලංකාව
සංචාරකයෙකුගේ මනෝභාවය වටහාගත හැක්කේ තවත් සංචාරකයෙකුට පමණි. නන්නාදුනන ශිෂ්ඨාචාරයක් සංචරණය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. සුදත්තක පී. විජේතුංග එවැනි දුර්ලභ සංචාරකයෙකි. සංස්කෘතිය සොයා යා හැකි එකම පහුර වන්නේ භාෂාවයි. විල්හෙල්ම් ගයිගර් පඬිතුමා ප්‍රාචීන භාෂා ගවේෂණය කරමින්, අපේ ඉතිහාසය පුරා සැරිසැරූ සහභාගී නිරීක්ෂකයෙක් විය. සුදන්තක පී. විජේතුංග භාෂාව වාහනයක් කොට ගනිමින්, යටගිය ලෝකය ගවේෂණය කරයි. හේ ජර්මන්, ඉතාලි, හින්දි සහ ඉංග්‍රීසි යන භාෂාවන්හි මනා නිපුණතාවක් දක්වයි. කොළඹ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය සුදන්තකගේ ජර්මන් භාෂා අධ්‍යයනයේ මූලික පාසලයි. වර්තමාන ජර්මනියේ සංචාරය කරමින්, ගයිගර් පඬිතුමාගේ ස්වකීයයන් හරහා එතුමන්ගේ උපභෝග, පරිභෝග තොරතුරු රැසක් ශාස්ත්‍රීයව ගවේෂණය කළ සුදන්තකට, මුල් ජර්මන් බසින්ම එතුමන්ගේ ලංකා දේශාටන වාර්තාව සිංහලයට පරිවර්තනය කිරීමේ හැකියාව උදාවිය. දැනට ඉතාලියේ මිලානෝ නුවර වෙසෙන සුදන්තක ලාංකීය සංචාරක සාහිත්‍යයට නිපුන නිර්මාණ රැසක් ගෙන ඒමට සැදී පැහැදී සිටී.
- ජැක්සන් ඇන්තනී -
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.