Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

නොමළ මල

About this book

නවකතාවේ එන චරිත කතුවරයා විසින් නටවනු ලබන රූකඩ බවට පත් නො වේ. නවකතාව අවසානයේ ඇති අනාගත දර්ශනය වුව, ඒ චරිත තුළින් පැන නඟින භාවමය ප්‍රතික්‍රියාවක් වශයෙන් පිළිබිඹු කිරීමට කතුවරයා සමත් වී ඇත. මාධවීටත්, කමල්ටත් ඔවුන් දෙ දෙනා සිය පවුල්වලට ගෙන දුන් ඛේදවාචකය හමුවේ තව දුරටත් සතුටින් ජීවත් විය හැකි ද? ... ඔවුන් ගන්නා තීරණය දේශපාලන තීරණයකට වඩා ඔවුන් ගේ ජීවිත අරභයා ගන්නා ලද භාවාත්මක තීරණයක් වෙයි.

සුදන්තක පී. විජේතුංග මහතා නවකතාවේ මූලික පරමාර්ථය අවබෝධ කරගෙන නිර්මාණකරණයෙහි යෙදෙන නවකතාකරුවකු බව මේ කෘතියෙන් පෙනේ. නවකතාව යනු අප හද, මනස දෙක ම ආමන්ත්‍රණය කරන ඓතිහාසික-දේශපාලනික ලේඛනයකි.

ගුණදාස අමරසේකර

ඔබ කියවන්නට යන්නේ එක්තරා ආදර කතාවකි. මෙය මෙ තෙක් ඔබ කියවා ඇති දහසක් ආදර කතාවලට වඩා වෙනස් වූවක් ද නැද්ද යන්න පොදුවේ තීරණය කිරීම පාඨක ඔබට බාර කරමි..

Details
ISBN
9559170821
පිටු ගණන (Pages)
234
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
You may also like
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නොමළ මල

Reviews are published once a member of our team has read them.