ගල්ඔය විත්ති

Special Price රු. 360.00 Regular Price රු. 400.00
Out of stock
SKU
galoya-withthi-sadun-jayawardana-kadulla
Author සඳුන් ජයවර්ධන - Sadun Jayawardhana (1)
Publisher කඩුල්ල ප්‍රකාශන - Kadulla Prakashana (87)
ගල්ඔය විත්ති වන මැද පිහිටි ජරාවාස වූ වැවකින් පොහොනි වන බොරලු ඇළ අවසන් වන්නේ ගල්ඔය හන්දියේ දුම්රියපොළට පිටු පා පිහිටි සම බිමක ඇති විසල් කුඹුක් වන පෙතකිනි. අක්කර දෙසීයක් පමණ බිමෙහි පිහිටි කුඹුක් වන පෙත දුම්රියපොළක් ගල්ඔයත් අතර බිම් කඩ අරා සිටී. මෙහි පොළොව තැනින් තැන විහි දී ඇති නිල්වන් තණ ඇතිරිල්ලකින් හා මෘදු වැල්ලෙන් යුතුය. මේ සමබිමට වන් බොරලු ඇළ අවසන ගල්ඔය සොයා යන්නේ සිය වල්ලභයා සොයා යන යොවුන් කුමරියක පරිද්දෙනි. බොරලු ඇළත් ගල්ඔයත් යාවෙන තැන වන රොදින් සෙවන වන කුඩා වගුරකි. අවට පැතිර ඇත්තේ වචනයෙන් විස්තර කළ නොහැකි සොඳුරු ආශ්වාදයකි. තෙත්කර බිමෙහි මතුපිට සිය ගණන් සමනල්ලු වසා සිටිති. දිය කඩිති මතුපිට සප්ත සංඛ්‍යාත දිය මකුළුවෝ සැරිසරති. වගුර අයිනේ නොයෙක් නොයෙක් අපා දෙපා සිවුපා සතුන්ගේ සළකුණය. අවට ගස් මත නොයෙක් කුරුලු ගණයා සැරිසරත්. තුරු මුදුන් මත නිහඬව පළුපත් බුදින වානර ගණයාය. අවට පැතිර ඇත්තේ වන මැද සැතපුම් හයක් හෝ හතක් ඈතින් ඇති ගන වනයෙහි ඇති නිහඬතාව ඉඳහිට බිඳ දැමෙන්නේ ඈතින් එන දුම්රිය හඬකිනි.
More Information
ISBN 9786249629905
පිටු ගණන 95
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ගල්ඔය විත්ති
Back to Top