Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ගල්ඔය විත්ති

ගල්ඔය විත්ති

About this book
ගල්ඔය විත්ති වන මැද පිහිටි ජරාවාස වූ වැවකින් පොහොනි වන බොරලු ඇළ අවසන් වන්නේ ගල්ඔය හන්දියේ දුම්රියපොළට පිටු පා පිහිටි සම බිමක ඇති විසල් කුඹුක් වන පෙතකිනි. අක්කර දෙසීයක් පමණ බිමෙහි පිහිටි කුඹුක් වන පෙත දුම්රියපොළක් ගල්ඔයත් අතර බිම් කඩ අරා සිටී. මෙහි පොළොව තැනින් තැන විහි දී ඇති නිල්වන් තණ ඇතිරිල්ලකින් හා මෘදු වැල්ලෙන් යුතුය. මේ සමබිමට වන් බොරලු ඇළ අවසන ගල්ඔය සොයා යන්නේ සිය වල්ලභයා සොයා යන යොවුන් කුමරියක පරිද්දෙනි. බොරලු ඇළත් ගල්ඔයත් යාවෙන තැන වන රොදින් සෙවන වන කුඩා වගුරකි. අවට පැතිර ඇත්තේ වචනයෙන් විස්තර කළ නොහැකි සොඳුරු ආශ්වාදයකි. තෙත්කර බිමෙහි මතුපිට සිය ගණන් සමනල්ලු වසා සිටිති. දිය කඩිති මතුපිට සප්ත සංඛ්‍යාත දිය මකුළුවෝ සැරිසරති. වගුර අයිනේ නොයෙක් නොයෙක් අපා දෙපා සිවුපා සතුන්ගේ සළකුණය. අවට ගස් මත නොයෙක් කුරුලු ගණයා සැරිසරත්. තුරු මුදුන් මත නිහඬව පළුපත් බුදින වානර ගණයාය. අවට පැතිර ඇත්තේ වන මැද සැතපුම් හයක් හෝ හතක් ඈතින් ඇති ගන වනයෙහි ඇති නිහඬතාව ඉඳහිට බිඳ දැමෙන්නේ ඈතින් එන දුම්රිය හඬකිනි.
ISBN
9786249629905
පිටු ගණන (Pages)
95
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ගල්ඔය විත්ති

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.